ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.
එහිදී නායිකා හේලි මැතිව්ස් පන්දු 28කදී ලකුණු 30ක් රැස් කළා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි ගාඩ්නර් ඇගේ පන්දුවාර 4 තුළ ලකුණු 13කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූවා.
ලකුණු 126ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 13ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් ඉතා පහසුවෙන් තරගය ජයග්‍රහණය කළා.
ඒ වන විට තරගය නිමාවීමට තවත් පන්දු 42ක් ඉතිරිව තිබීම විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය බෙත් මූනි පන්දු 36කදී නොදැවී වේගවත් ලකුණු 61ක් රැස් කළ අතර, ඇයට අනගි සහයක් දුන් ඈෂ්ලි ගාඩ්නර් පන්දු 20කදී නොදැවී ලකුණු 35ක් ලබා ගත්තා.
ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වුණා.

Latest News
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026