Sports01 July 2026

අයිවරි කෝස්ට් පරදා නෝර්වේ ජය ගනී

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද (01) පැවැති අයිවරි කෝස්ට් සහ නෝර්වේ අතර තරගය ජය ගැනීමට නෝර්වේ කණ්ඩායම සමත්වුණා.

ඒ ගෝල 2 - 1 ක් ලෙසයි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගත්තා.

නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් Antonio Nusa 39 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ අතර දෙවැනි ගෝලය 86 වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමට
Erling Haaland සමත් වුණා.

අයිවරි කෝස්ට් කණ්ඩායම වෙනුවෙන් Amad Diallo 74 වැනි නිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළා.

අනතුරුව ප්‍රංශය සහ ස්වීඩනය අතර තරගය අළුයම 2:30ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes