පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ආර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතර පැවති තරගය 3 - 1 ක් ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.
කන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී (Kansas City Stadium) පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග ස්විට්සර්ලන්ත කණ්ඩායමට තරගයෙන් ඉවත් වීමටයි සිදු වුණේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් අර්ධ පූර්ව වටයේ ආර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතර පැවැති තීරණාත්මක තරගයේ නියමිත විනාඩි 90 අවසානයේදී කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම වීම හේතුවෙන් තරගය අතිරේක කාලය (Extra Time) දක්වා දීර්ඝ කෙරුණා.
මෙම තරගයේ 10 වැනි විනාඩියේදීම ක්‍රියාත්මක වූ ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් (Alexis Mac Allister) ගෝලයක් වාර්තා කරමින් වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාවට මුල් ගෝලය ලබා ගත්තා.
කෙසේ වෙතත්, සාර්ථක සටනක නිරත වූ ස්විට්සර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් තරගයේ 67 වැනි විනාඩියේදී ඩෑන් න්ඩෝයි (Dan Ndoye) විශිෂ්ට ගෝලයක් රැස් කරමින් තරගය සම කිරීමට සමත් වුණා.
තරගයේ 72 වැනි විනාඩියේදී ස්විට්සර්ලන්ත ඉදිරි පෙළ ක්‍රීඩක බ්‍රීල් එම්බොලෝ (Breel Embolo) දෙවැනි කහ කාඩ්පත සමඟින් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් කිරීම නිසා ස්විට්සර්ලන්තයට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරගය ක්‍රීඩා කිරීමටයි සිදු වුණේ.
එම වාසිය ලබා ගැනීමට ආර්ජන්ටිනා පසුපෙළ උත්සාහ කළද, නියමිත කාලය අවසන් වන තෙක් ස්විට්සර්ලන්ත ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට නොහැකි වුණා.
ඒ අනුව එංගලන්තය සමඟ අවසන් පූර්ව වටයේදී තරග වැදීමේ අවස්ථාව හිමි කර ගන්නා කණ්ඩායම තීරණය කිරීම සඳහා විනාඩි 30ක අතිරේක කාලයක් ලබා දුන්නා.
එහිදී ආර්ජන්ටිනාව වෙනුවෙන් Julián Alvarez විසින් 112 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළා.
අනතුරුව Lautaro Martínez විසින් 120+1' ලබාගත් ගෝලයත් සමග ආර්ජන්ටිනාව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

Latest News
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026
මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
Local
12 July 2026
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Local
12 July 2026
පාපන්දු ඔට්ටුව පැරදෙයි: නෝර්වේජියන් ගුවන් සමාගමේ නිල සලකුණ බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරු වෙයි
Local
12 July 2026
භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේ සිටම යල් පැන ගිහින්: මුදල් කාරක සභාවේදී හෙළිවෙයි
Local
12 July 2026
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026