ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් (Lord’s) පිටියේදී විශිෂ්ට ශතකයක් රැස් කරමින් ක්‍රිකට් වාර්තාවක් තැබීමට ඉන්දීය ක්‍රීඩිකා යස්තිකා භාතියා (Yastika Bhatia) සමත් වී තිබෙනවා.
ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වෙමින්.
ලෝඩ්ස් පිටියේ පළමු පිරිමි ටෙස්ට් තරගය පැවැත්වී වසර 142ක් සහ තරග 150කට පසුව මෙම පළමු කාන්තා ටෙස්ට් තරගය පැවැත්වීමත් මෙහිදී සුවිශේෂීත්වයක්.
තරගයේ තුන්වැනි දිනය වූ අද (12) දිවා ආහාරය වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුලු 4කට ලකුණු 250ක් ලබා ප්‍රබල මට්ටමක පසුවූයේ එංගලන්තයට වඩා ලකුණු 365ක දැවැන්ත පෙරමුණක් ලබා ගනිමින්.
භාතියා පන්දු 86කින් හතරේ පහර 6ක් සමඟින් අර්ධ ශතකය පසු කළ අතර, පසුව ලකුණු 90 සීමාවේදී කිසිදු කලබලයකින් තොරව ක්‍රීඩා කළ ඇය, එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩිකා ඉසී වොංට (Issy Wong) පිට පිට හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු 99 දක්වා පැමිණ අනතුරුව ලබා ගත් වේගවත් තනි ලකුණත් සමඟ පන්දු 145කින් සිය ඓතිහාසික ශතකය සම්පූර්ණ කළා.
මෙහිදී, ඇගේ ශතකයට හතරේ පහර 12ක් ඇතුළත්.

Latest News
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026