Sports15 August 2026

ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 73ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 288ක් රැස් කළා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දේවදත් පඩික්කල් (Devdutt Padikkal) පන්දු 131කදී ලකුණු 178ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉනිමේ මුල් භාගයේදී පඩික්කල් සමඟින් සාර්ථක සබඳතාවක් ගොඩනැගූ කේ. එල්. රාහුල් (KL Rahul) ලකුණු 77ක් ලබා සිටියදී ආබාධයක් (Retired Hurt) හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

මේ අතර යෂස්වි ජයිස්වාල් ලකුණු 32ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් දවා ගත්තා.
Related Recomands
Hiru TV News | Programmes