ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ඊයේ දිනයේදී තවත් තරඟ දෙකක් නිමාවට පත්වුණා. සමස්ත තරඟමාලාවේ මූලික වටයේ අවසන් තරඟ වට දෙකයි ඊයේ මෙලෙස නිමාවට පත්වුණේ. ඉන් පළමු තරඟය පැවැත්වුණේ පූනේ වොරියර්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් පූනේ වොරියර්ස් කණ්ඩායම ලකුණු 38කින් ජයග්‍රහණය කළා. පූනේ වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 134 ක් පමණයි. ඉන් අනතුරුව පැවතියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලූ 5 කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පිටියට පිවිසි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 130 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 17 යි පන්දු 5 කදී කඩුලූ 5 ක් දැවී සිය තරඟය ජයග්‍රහණය කළා.
Latest News
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!