Top Story
අධිකරණයට බාර විය යුතුයි, සිද්ධ වෙච්ච දේ ගැන අධිකරණයට කිව යුතු යැයි අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ දුරකථනයෙන් කපිල චන්ද්‍රසේනට කියු බව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අද (5) අධිකරණයට සාක්ෂි ලබාදෙමින් පවසා සිටියා.ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේදී.අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ සාක්ෂියටඅදාලව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 9 වන දින යළි කැඳවීමට ද කොටුව මහේස්ත්‍රාත්වරයා එහීදී නියෝග කළා.සිද්ධියට අදාල 19,20 සහ 23 සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර සිලෝගම අද අධිකරණයේදී සාක්ෂි ලබා දෙනු ලැබුවා.සිද්ධියට අදාල තවත් සාක්ෂිකරුවන් වන සාක්ෂි අංක 25 සහ 26 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීම මීළඟ දිනට කල් තැබුවා.සිද්ධියට අදාලව සාක්ෂි මෙහෙයවීම කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයකු වන ජයන්ත ලාල් විසින් සිදු කරනු ලැබුවා.සිද්ධියට අදාලව 20 වැනි සාක්ෂිකරු වන ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයට සාක්ෂි ලබාදෙමින් සඳහන් කර සිටියේ කපිලගේ මරණය සම්බන්ධයෙන් ඔහුට අවබෝධයක් නොමැති බවයි.පොලිසිය: කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔබතුමා දන්නවද?සාක්ෂිකරු: මට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ.පොලිසිය: කපිල මහතාගේ නඩු කටයුත්තක් වෙනුවෙන් ඔබතුමා පෙනී සිටියාද? ඒ කුමන කාරණයක් වෙනුවෙන් කුමන අධිකරණයකද?සාක්ෂිකරු : මම කපිල වෙනුවෙන් පෙනී සිටියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවකට මට නඩු අංක නම් හරියටම මතක නැහැ.පොලිසිය: ඒ නඩුවට අදාලව කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමත් සම්බන්ධයෙන් යම්කිසි සිදුවීමක් සිදු වූවාද?සාක්ෂිකරු : 2026 මැයි 5 වන දින මගේ සේවා දායකයාට ඇප ප්‍රදානය කරනු ලැබුවා. ඒ නඩුවේ පළමුවැනි සැකකරු තමයි කපිල කියන්නේ. මහේස්ත්‍රාත්වරයා එදා නියෝග කරල තිබුණා ග්‍රාම සේවා සහතිකය ඇපකරුවන්ට තිබිය යුතුයි කියලා. මට මතක හැටියට ශරීර ඇප දෙකකුයි මුදල් ඇප ලක්ෂ 5ක් තමයි නියෝග කරලා තිබුණේ . ඊට අමතරව විදෙස් ගමන් තහනමක් පනවලා තිබුණා. පොලිසිය: ඒ අවස්ථාවේ තවත් මොනයම් හරි ඉල්ලීමක් ඔබතුමා අධිකරණයෙන් කළාද?සාක්ෂිකරු : එහෙමයි ස්වාමීනී. ඇප ලබාදෙන්න දෙන්නෙක් ඇවිත් තිබෙනවා. ග්‍රාම සේවා සහතික ඒ වෙලාවේ ඔවුන් ළඟ තිබුණේ නැහැ. ඒ නිසා මම අධිකරණයෙන් ඉල්ලුවා පසු දිනක ග්‍රාම සේවා සහතික ලබා දෙනකම් මගේ සේවා දායකයාට ඇප දෙන්න කියලා. හැබැයි එම කාරණය ඉෂ්ට කරගන්න බැරි වුණා.පොලිසිය: ඇප ලබාදීමෙන් පසුව ඔබතුමා නැවත කපිල චන්ද්‍රසේන මහතාව හමුවෙන්න ගියාද?සාක්ෂිකරු : ඔව් මම ඇප කොන්දේසි ගැන පැහැදිලි කරන්න. ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක එක අධිකරණයේ ඉදිරිපිට තිබෙන සිර මැදිරිය අසලට ගියා. එහිදී මම කපිලට ඇප කොන්දේසි ගැන පහදලා දුන්නා. ඊට පස්සේ මගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාරට කිව්වා ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරන්න කියලා.පොලිසිය: ඉන්පසුව කොහොමද ඔබතුමා කපිලට ඇප ලැබුණා කියලා දැනගත්තේ?සාක්ෂිකරු: 2026 මැයි 6 වන දින ඇප ලබාගෙන ආවා කියලා මට කපිල ගෙදර ආවා කියලා කෝල් කරලා කිව්වා.පොලිසිය : මැයි 6 දින ඇප තැබීම සම්බන්ධයෙන් යම්කිසි දෙයක් සිදුවුණාද?සාක්ෂිකරු : හැන්දෑවේ දැනගන්න ලැබුණා මගේ කනිෂ්ඨ නීතිඥවරයාගෙන් කපිලගේ ඇප ප්‍රතික්ෂේප වුණා කියලා. ඊළඟ දින එනම් මැයි හත්වන දින කපිලට ඇප තියන්න අධිකරණයට කෙනෙක් එනවා කියලා මට දුරකථන ඇමතුමක් ලැබුණා. මං ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නා. ඊට පස්සේ මම ජනමාධ්‍යයෙන් දැනගත්තා නැවත වරෙන්තුවක් ඉදිරිපත් කරලා කියලා.මට මතක නැහැ ඔහු මට කතා කරාද මම ඔහුට කතා කළාද කියල මම කතා කළා කියලා මතකයක් තියෙනවා. මම කිව්වා අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕනි කියලා. එදින හැන්දෑවේ හතට විතර අරවින්ද ද සිල්වා මහතා දුරකථනයෙන් මාත් එක්ක සම්බන්ධ වෙලා මේ උද්ගත වෙලා තිබුණු ප්‍රශ්නය ගැන කිව්වා මම කිව්වා දුරකථනයෙන් මේ ගැන කතා කරන්න බෑ ඒ නිසා මගේ කාර්යාලයට එන්න කියලා. " ඊට පස්සේ පැයකට, පැය එක හමාරකට පස්සේ අරවින්ද ද සිල්වායි , ඔහුගේ බිරිඳයි අර ඇප තිබ්බා කියපු දෙතුන් දෙනෙකුයි ආවා. අධිකරණයට ඇවිත් හිටිය කෙනෙක් හිටියා ග්‍රාම සේවක සහතිකයේ නොමැතිව හිටපු කෙනා කිව්වා මම යුධ හමුදාවේ විශ්‍රාමික කෙනෙක් කියලා. කපිලට අරවින්දගේ බිරිඳගේ ෆෝන් එකෙන් කතා කළා. මම කිව්වා අධිකරණයට බාර විය යුතුයි. සිද්ධ වෙච්ච දේ අධිකරණයට කියන්න ඕනේ කියලා.සිද්ධියට අදාල දහනව වන සැකකරු වන උදාර මුහන්දිරම් අධිකරණයට සාක්ෂි ලබාදෙමින් සඳහන් කර සිටියේ කපිල චන්ද්‍රසේනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාලව ජනාධිපති නීතිඥවරයාගේ උපදෙස් මත ක්‍රියාකළ බවයි.පොලිසිය: කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුමක් දන්නවාද?සාක්ෂිකරු: කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩුවකට අදාලව කපිලට ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් සහ ලක්ෂ පහක මුදල් ඇපයක් සහ විදෙස් ගමන් තහනමක් නියම වෙලා තිබුණා. ඇප තියද්දී ග්‍රාම සේවක සහතික ඉදිරිපත් කරන්න කියලා උපදෙස් ලබා දීලා තිබුණා. මම කපිලව සිර කුටියේදී හමුවී ඇප ලබාදීමේදී කළ යුතු කොන්දේසි ගැන කිව්වා. ඊට පස්සේ කපිල නීතීඥ උපදෙස් ලබා දෙන කියලා මට ඉල්ලීමක් කළා. ඊට පස්සේ මම මගේ ජනාධිපති නීතිඥවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කළා. ඒ අවස්ථාවේදී ඇප දෙන්න ඇවිත් හිටපු ඇපකරුවන්ට ඇප දෙන්න නොහැකි වුණා. ග්‍රාම සේවක සහතික නොතිබුණු නිසා. ඒ හින්දා මං කිව්වා ඇපකරුවන් සුදානම් වුණාම මම එන්නම් කියලා අභියාචනාධිකරණයේ නඩුවකට ගියා.ඊට පස්සේ ඉන්දික කියල කෙනෙක් කපිලට ඇප ලබා දෙන්න පුළුවන් කියලා මට කෝල් කළා. ඊට පස්සේ මම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට එන්න කිව්වා. ඇපකරුවන් හතර දෙනෙක් ඇවිත් හිටියා. එක්කෙනෙක්ගේ ග්‍රාම සේවා සහතිකය පරණ එකක්. අනිත් තුන්දෙනාගේ ග්‍රාම සේවා සහතික රෙජිස්ට්‍රාර්වරියට භාර දුන්නා ඇප ලබාදීමට. ඒකෙන් එක් අයෙකුට විතරයි ඇප දෙන්න පුළුවන් වුණේ. අනිත් අයගේ එම සහතිකවල යම් යම් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න මොනවද කියලා මම දන්නේ නෑ එහෙම ඇපකරුවන් දෙදෙනා ඇප තැබීමට සුදුසු නොවන බවයි සඳහන් කළේ.පොලිසිය : මෙම සැකකරුට වරෙන්තුවත් නිකුත් වී තිබෙන බව දැන සිටියාද?සාක්ෂිකරු: මාධ්‍ය මඟින් ප්‍රචාරය වෙනවා මම දැක්කා. මැයි 7 වැනිදා හවස මට කපිල දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ගත යුතු උපදෙස් කිහිපයක් මම ලබා දුන්නා. මොකද මම මේ සම්බන්ධයෙන් මගේ ජනාධිපති නීතිඥවරයාට දැනුම් දී පසුව නැවත උපදෙස් ලබා දීමට හිතාගෙන. පොලිසිය: අරවින්ද ද සිල්වා ඔබතුමාට ජංගම දුරකථනයෙන් කතා කළාද?සාක්ෂිකරු : මට මතක නෑ අරවින්ද ද සිල්වා දුරකථනයෙන් කතා කළාද කියලා.හැබැයි මම උපදෙස් ලබා දුන්නා.නිල මැදිරියේදී සාකච්ඡාවේදී අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳත් පැමිණ සිටියා. කපිල එක්කන් ඇවිත් හිටියේ නෑ.පොලිසිය: ඔබතුමා කපිල චන්ද්‍රසේන එක්ක කතා කළාද?සාක්ෂිකරු : නැහැ මම කපිලත් සමඟ අදහස් හුවමාරු කරගෙන නැහැ.සිද්ධියට අදාලව සාක්ෂි ලබාදෙමින් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර සිලෝගම සඳහන් කර සිටියේ සිද්ධියට අදාලව පොලිස් ස්ථානයට දුරකථන හරහා ඇමතුමක් ලැබුණු බවයි. තවද ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනයට ද අරවින්ද ද සිල්වා තමාගේ නිවෙසේ පුද්ගලයකු ගෙලවැල දාගෙන සිටින බව දැන්වූ බවද සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.ඔහු සාක්ෂි ලබාදෙමින් සඳහන් කර සිටියේ එම ලැබුණු දුරකථන ඇමතුමෙන් පසුව උදෑසන 8.42 ට පමණ එම නිවස නිරීක්ෂණය කිරීමට තවත් නිලධාරීන් එක්ව එම ස්ථානයට ගිය බවයි. එම නිවාසය මහල් 3කින් සමන්විත වූ බවත් පළමුවැනි මහලේ කාමරයක මෙම සිදුවීම සිදුව තිබූ බවත් එහි යන විට අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ සහ නීතිඥ ප්‍රියන්ත එහි සිටී බවද සාක්ෂි ලබාදෙමින් පැවසුවා.තවද එහි ඩර්ඩන්ස් රෝහලේ පැමිණි වෛද්‍යවරිය ඇතුලු කාර්යය මණ්ඩලයද සිටි බව සාක්ෂිකරු අධිකරණයට දැන්වූවා.එසේම අරවින්ද ද සිල්වාගේ මව වන රාණි ද සිල්වා බිම් මහලේ කොණක කාමරයක සිටි බවත් ඇයගේ උපස්ථායකවරියද එහි සිටි බවද සාක්ෂිකරු අධිකරණයට දැන්වූවා.පළමු මහලේ වම් පැත්තට ඇතුලුවන කාමරයේ දොර විවෘත කර තිබුණුු බවත් එහි පුද්ගලයකු ගෙල වැල දි සිටින බව නිවෙසේ සිටි අය කියු බව ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණයට සාක්ෂි ලබා දුන්නා.තවද කාමරේ දොරේ යතුරු දෙකක් තිබුණ බවත් කාමරය ඇතුලේ විදුලි බුබුළු දල්වා තිබූ බවත් කාමරයේ තිබු පුටුව මත පුද්ගලයෙකුගේ ඔළුවක් තබාගෙන සිටින අයුරු දක්නට ලැබුණා. එම පුද්ගලයාගේ ගෙලෙහි සිර වු පටියක් තිබුණ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා. බෙල්ලේ පිටුපස ගාවින් තිබු එම පටිය මැහුම් වලින් ගැලවී තිබෙන ආකාරයද නිරීක්ෂණය කළ හැකි වූ බවත් එම පටිය ලා නිල් පාටි බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට සාක්ෂි ලබා දුන්නා.තව එම පටියට සමාන කොටසක් බාත් රෑම් එකේ දොරෙහි උඩ කොටසේ දොරට තද වෙන ලෙස වසා තිබූ බවත් එයින් පටි කෑල්ලක් එළියට එල්ලෙන්න නිරීක්ෂණය වූ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයේ දී සාක්ෂි ලබා දුන්නා.එම අවස්ථාවේ සිටි ලක්ෂානි ලියනගේ නමැති වෛද්‍යවරිය ඔහු පරීක්ෂා කර සිටී බවත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටී බව සඳහන් කළ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකරයා සාක්ෂි ලබා දුන්නා. ඉන් අනතුරුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ගෙන්වා විමර්ශන කළ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි ලබා දුන්නා.පොලිසිය: ඔහු මිය ගිය කාමරයට ඇතුලු වීමට දොරවල් කීයක් තිබුණාද?සාක්ෂිකරු: කාමරයට ඇතුලු වීමට තිබුණේ එක් දොරක් පමණයි. නාන කාමරයට ඇතුලු වීමටත් තිබුණේ ඒ කාමරයෙන් එක් දොරක් පමණයි. නමුත් තවත් කාමරයකින් නාන කාමරයට ඇතුළත් වීමට දොරක් තිබුණා. නමුත් ඒ වෙලාවේදී ඒ දොර වහලා තිබුණේ. කාමරයේ ජනෙලුත් වහලා තිබුණේ. පිටස්තර පුද්ගලයෙක් ගිය බවට තොරතුරු අනාවරණය වන්නේ නැහැ.ඊට පස්සේ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දැනුවත් කළා.නිල සුනඛ අංශය දැනුවත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානය පරීක්‍ෂණයක් කරන්න මහේස්ත්‍රාත්වරයා දැන්වුවත් කළා. ඊට පසුව සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය බව දන්වා අධිකරණයට කරුණු වාර්තා කළා. යනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කරුණු දැක්වූවා.සිද්ධියට අදාල 25 සහ 26 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම මීළඟ නඩු දිනයට කල් තැබුවා.
තවදුරටත් කියවන්න
General05 June 2026 4:07 PM
International News

ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල

International 06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල

යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්

International 05 June 2026
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග

International 05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

International 05 June 2026
චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි

International 05 June 2026
ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි

චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා

International 04 June 2026
චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා

ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

International 04 June 2026
ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිල සංචාරයක

International 04 June 2026
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිල සංචාරයක

හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

International 04 June 2026
හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල

International 03 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමෙන් වැළකීමට එකඟ වූ බව ට්‍රම්ප් කියයි

International 03 June 2026
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමෙන් වැළකීමට එකඟ වූ බව ට්‍රම්ප් කියයි

ඉරාන ප්‍රහාරයෙන් පසු කුවේට් ගුවන් තොටුපළේ 4 වැනි පර්යන්තය යළි විවෘතයි

International 03 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු කුවේට් ගුවන් තොටුපළේ 4 වැනි පර්යන්තය යළි විවෘතයි

අම්බානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ආසියාවේ දෙවැනි ලොකුම ධනවතා වෙයි

International 03 June 2026
අම්බානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ආසියාවේ දෙවැනි ලොකුම ධනවතා වෙයි

දිල්ලියේ හෝටලයක හටගත් ගින්නකින් 21ක් මරුට

International 03 June 2026
දිල්ලියේ හෝටලයක හටගත් ගින්නකින් 21ක් මරුට

කසකස්ථානයේ ණය බර අහස උසට යයි

International 03 June 2026
කසකස්ථානයේ ණය බර අහස උසට යයි
More News
General05 June 2026

දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ

එවරස්ට් කන්දේ දින හයක් තිස්සේ සිරවී සිටි නේපාල ජාතික කඳු නැගීමේ මඟ පෙන්වන්නෙකු බේරා ගැනීමට කදු නගින්නන් පිරිසක් සමත් වී තිබෙනවා. පසුගිය මස 29 වැනිදා සිය මෙලෙස අතුරුදහන් ව සිටියේ දාවා ෂර්පා නැමැති කදු නැගීමේ මඟ පෙන්වන්නෙක්. ඔහු එවරස්ට් කන්දේ ”‍මරණ කලාපය තුළ දින හයක් තිස්සේ සිරවී සිටි බව සදහන්. ආහාර, ජලය හෝ අමතර ඔක්සිජන් නොමැතිව, මොහු ජීවත් වීම පුදුම සහගත බවයි වෛද්‍යවරුන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

තවදුරටත් කියවන්න
දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ
General05 June 2026

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්‍ෂව මෙරට රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, කැරට් 24 රන් පවුමක මිල අද දැක්වුණේ 386,000 ක් ලෙසයි. එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල රුපයල් 356,200 ක් ලෙස සටහන් වුණා.

තවදුරටත් කියවන්න
රන් මිල පහළට
General05 June 2026

ලකිලකි විදාරණය වෙයි

ඉන්දුනීසියාවේ ලෙවොටෝබිහි, ලකිලකි ගිනිකන්ද විදාරණය වීම ආරම්භ වී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගුවන්තොටුපළක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීටර් 1,584ක් උසැති මෙම ගිනි කන්ද, පසුගිය වසරේ ජූලි මාසයේදී ද, විදාරණය වීම හේතුවෙන් බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 24ක් අවලංගු කිරීමට සිදුව තිබුණා.

තවදුරටත් කියවන්න
ලකිලකි විදාරණය වෙයි
General05 June 2026

රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි

රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 20 දක්වා ඉහළ නැංවීමේ මධ්‍ය හා දිගුකාලීන අරමුණ කරා ළඟාවීම වෙනුවෙන් සුදුසු යෝජනා, ප්‍රතිපත්තිමය නිර්දේශ සහ විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආදායම් කළමනාකරණ කමිටුව මෙරට විද්වත් මණ්ඩල, වෘත්තීය ආයතන, පෞද්ගලික අංශය සහ ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගෙන් ඉල්ලා සිටිනවා.2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ පිහිටුවන ලද ආදායම් කළමනාකරණ කමිටුව විසින් මෙම ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. අවිධිමත් ආර්ථිකය විධිමත් කිරීම, බදු පදනම පුළුල් කිරීම, ආදායම් රැස්කරන ආයතන ඩිජිටල්කරණය කිරීම, ස්වේච්ඡාවෙන් බදු ගෙවීම දිරිමත් කිරීම සහ දත්ත විශ්ලේෂණය මත පදනම් වූ ආදායම් පද්ධති භාවිතය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙහිදී යෝජනා ඉදිරිපත් කළ හැකියි.ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඕනෑම අයෙකුට මේ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, අදාළ යෝජනා PDF ආකෘතියෙන් (Format) සාරාංශයක්, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද සහ අපේක්ෂිත බලපෑම ඇතුළත්ව සකස් කළ යුතු වනවා.යෝජනා ඉදිරිපත් කළ යුතු අවසන් දිනය 2026 ජූනි 16 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, සියලුම යෝජනා [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කළ යුතු බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආදායම් කළමනාකරණ කමිටුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තවදුරටත් කියවන්න
රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි
General05 June 2026

කපිල චන්ද්‍රසේනගේ නීතිඥ දෙපල අධිකරණය හමුවේ සාක්ෂි දෙති

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ සාක්ෂියට අදාලව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 9 වන දින යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (05) නියෝග කළා.සිද්ධියට අදාල 19,20 සහ 23 සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා න ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර අද (05) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙනු ලැබුවා.සිද්ධියට අදාල තවත් සාක්ෂිකරුවන් වන සාක්ෂි අංක 25 සහ 26 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීම මීළඟ දිනට කල් තැබුවා.

තවදුරටත් කියවන්න
කපිල චන්ද්‍රසේනගේ නීතිඥ දෙපල අධිකරණය හමුවේ සාක්ෂි දෙති
International News

ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල

International 06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල

යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්

International 05 June 2026
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග

International 05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

International 05 June 2026
චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි

International 05 June 2026
ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි

චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා

International 04 June 2026
චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා

ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

International 04 June 2026
ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිල සංචාරයක

International 04 June 2026
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිල සංචාරයක

හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

International 04 June 2026
හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල

International 03 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමෙන් වැළකීමට එකඟ වූ බව ට්‍රම්ප් කියයි

International 03 June 2026
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමෙන් වැළකීමට එකඟ වූ බව ට්‍රම්ප් කියයි

ඉරාන ප්‍රහාරයෙන් පසු කුවේට් ගුවන් තොටුපළේ 4 වැනි පර්යන්තය යළි විවෘතයි

International 03 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු කුවේට් ගුවන් තොටුපළේ 4 වැනි පර්යන්තය යළි විවෘතයි

අම්බානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ආසියාවේ දෙවැනි ලොකුම ධනවතා වෙයි

International 03 June 2026
අම්බානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ආසියාවේ දෙවැනි ලොකුම ධනවතා වෙයි

දිල්ලියේ හෝටලයක හටගත් ගින්නකින් 21ක් මරුට

International 03 June 2026
දිල්ලියේ හෝටලයක හටගත් ගින්නකින් 21ක් මරුට

කසකස්ථානයේ ණය බර අහස උසට යයි

International 03 June 2026
කසකස්ථානයේ ණය බර අහස උසට යයි
Sports Stories
Explore More
SLT-MOBITEL PEOTV FIFA ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ලබාගනී

SLT-MOBITEL PEOTV FIFA ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ලබාගනී

ශ්‍රී ලංකාවේ පුරෝගාමී Inteet Protocol Television (IPTV) සේවාවක් මෙන්ම ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද වේදිකාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය (FIFA) සමඟ ගිවිසුමකට එළඹෙමින් 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ ශ්‍රී ලංකා නිල මාධ්‍ය විකාශන අයිතිය ලබාගෙන ඇත.මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විකාශන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙමඟින් 2026 FIFA ලෝක කුසලානයේ සියලුම තරග ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත විකාශය කිරීමේ නිල අයිතිය SLT-MOBITEL PEOTV වෙත හිමිව ඇත.ඒ අනුව PEOTV, PEO Mobile සහ එහි ඩිජිටල් වේදිකා ඔස්සේ රට පුරා ක්‍රීඩා ලෝලීන්ට ලෝකයේ දැවැන්තම පාපන්දු උත්සවයේ උණුසුම සජීවීව අත්විඳීමට හැකියාව ලැබේ.ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒම සඳහා SLT-MOBITEL PEOTV නිරන්තරයෙන් කටයුතු කරයි. FIFA ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ලබාගැනීම එම උත්සාහයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.මෙමඟින් 2026 තරගාවලියේ සියලුම තරග True HD තාක්ෂණයෙන් නැරඹීමට අවස්ථාව හිමිවේ. නිවසේ සිට මෙන්ම PEO Mobile සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ගමන් අතරතුරදීද තරග නැරඹිය හැකි අතර, එය පාපන්දු ලෝලීන්ට විශාල පහසුවක් වනු ඇත.2026 FIFA ලෝක කුසලාන තරගාවලිය 2026 ජුනි 12 වන දින ආරම්භ වී ජූලි 20 වන දින අවසන් වීමට නියමිතය. රටවල් 48 ක කණ්ඩායම් සහභාගී වන මෙය තරග 104 කින් සමන්විත වන අතර කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලදී පැවැත්වීමට නියමිතය.

තවදුරටත් කියවන්න
ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි

ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි

රෝමයේ පැවැති කීර්තිමත් ‘ඩයමන්ඩ් ලීග්’ (Rome Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී ලෝකයම මවිතයට පත් කරන අතිවිශිෂ්ට දස්කමක් දැක්වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.එහිදී ඔහු මීටර් 92.62 ක තරම් ඉහළ දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසි කිරීමට සමත් වී ඇති අතර, එමඟින් ඔහු වාර්තා රැසක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.ඒ අනුව, ඔහු විසින් මෙතෙක් මෙරට ක්‍රීඩකයෙකු තබා තිබූ සියලුම ජාතික වාර්තා අභිබවා යමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවනු ලැබූ අතර, මෙවර තරග වාරය තුළ ලොව පුරා සිටින හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් අතරින් වාර්තා වූ ඉහළම දක්ෂතාව (World Lead) ලෙස ද මෙය සටහන් වනු ඇති.මෙම දස්කම සමඟින් ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් අතර 2 වන ස්ථානයට පත්වීමට සමත්ව ඇති අතර, සමස්ත ලෝක මලල ක්‍රීඩා ඉතිහාසය දෙස බැලීමේදී, සර්වකාලීන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට (8th All-Time) හිමිකම් කීමට ද මෙම ප්‍රබල දස්කම හරහා ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා.

තවදුරටත් කියවන්න
19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට

19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට

දේශපාලනික වශයෙන්ද උණුසුම් මුහුණුවරක් ගත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් යුක්‍රේනයේ මාර්තා කොස්ටියුක් පරදා විශිෂ්ට ජයක් ලැබූ රුසියාවේ යොවුන් ක්‍රීඩිකා මීරා ඇන්ඩ්‍රීවා, සිය ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.අද (04) පැවැති මෙම තරගයේදී 6-1ක් සහ 6-3ක් ලෙස කොස්ටියුක් පරාජය කිරීමට ඇන්ඩ්‍රීවා සමත් වූයේ Court Philippe Chatrier ක්‍රීඩාංගණයේදී ඇය දැක්වූ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය හේතුවෙන්. ඒ අනුව ඇය අවසන් මහා තරගයේදී ඇගේම රටේ ක්‍රීඩිකාවක වන ඩයනා ෂ්නයිඩර් හෝ පෝලන්තයේ මායා ච්වලින්ස්කා සමග තරග වැදීමට නියමිතයි.2022 වසරේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුගමනය කරන සිරිතට අනුව, කොස්ටියුක් තරගයට පෙර සිය ප්‍රතිවාදියා සමඟ සාම්ප්‍රදායික ඡායාරූපයට පෙනී සිටීමෙන් වැළකී සිටි අතර, තරගයට පෙර හෝ පසුව දැල් සීමාව අසලදී අතට අත දීමක් (Handshake) ද සිදු කළේ නැහැ.19 හැවිරිදි ඇන්ඩ්‍රීවා, පළමු වටයේදීම 4-0ක් ලෙස පෙරමුණ ගත් අතර දෙදෙනා අතර මීට පෙර පැවැති තරග දෙකම කොස්ටියුක් ජයගෙන තිබුණද, මෙම තරගයේදී ඇන්ඩ්‍රීවාගෙන් ඇයට දැඩි බලපෑමක් එල්ල වුණා. දෙවන වටයේදී කොස්ටියුක් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද, රුසියානු ක්‍රීඩිකාව ඇයට කිසිදු ඉඩක් ලබා නොදී සිය ආධිපත්‍යය තහවුරු කරගනු ලැබුවා.තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඇන්ඩ්‍රීවා ප්‍රකාශ කළේ, "මම තවමත් ගොඩක් නොසන්සුන්ව ඉන්නේ. ඇය මේ තරඟ වාරය පුරාම මැටි පිටිවල (Clay court) කිසිම තරඟයක් පරාද වෙලා තිබුණේ නැහැ. ඒක මට ලොකු පීඩනයක් වුණා. ඇය දක්ෂ ක්‍රීඩිකාවක්, ඒ නිසා මම ක්‍රීඩා කරපු විදිහ ගැන ගොඩක් සතුටුයි." යනුවෙනුයි.සුළඟ සහිත කාලගුණය සහ තරගයේ මුල් භාගයේ පැවති නොසන්සුන්බව හේතුවෙන් කොස්ටියුක් අතින් වැරදි කිහිපයක්ම සිදු වූ අතර, එහි වාසිය ඇන්ඩ්‍රීවා සතු වුණා. දෙවන වටයේදී කොස්ටියුක් ලකුණු තත්ත්වය 4-3ක් ලෙස තමන් සතු කරගනිමින් යම් සටනක් දීමට උත්සාහ කළද, අවසානයේදී පැයකට වඩා මදක් වැඩි (විනාඩි 76ක) කාලයකින් පසු ඇන්ඩ්‍රීවා තරගයේ ජය තහවුරු කරගත්තා.ක්‍රීඩාංගණයේ වහලය වසන අවස්ථාවේදී පවා ක්‍රීඩිකාවන් දෙදෙනාම තරගය අත්නෑර ක්‍රීඩා කළ අතර, "කාලගුණය ගොඩක් දරුණු වුණා, අධික සුළඟ නිසා බෝලය එන්නේ කොයි පැත්තෙන්ද කියලා තේරුම් ගන්න අමාරු වුණා. ඒත් මට අවධානය තියාගන්න පුළුවන් වුණා. සිදුවන ඕනෑම දෙයකට මම සූදානමින් හිටියේ. මම මටම කියාගත්තා මම සටන් කරනවා කියලා. මගේ ඒ මානසිකත්වය නිසා තමයි මට අද ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ," යැයි පවසමින් ඇන්ඩ්‍රීවා සිය සතුට පළ කළා.

තවදුරටත් කියවන්න
Business Stories
Explore More
Kanro Interiors සමාගම Platinum Excellence සම්මානය දිනයි

Kanro Interiors සමාගම Platinum Excellence සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට ලබාදුන් සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors සමාගමට Platinum Excellence සම්මානය පිරිනමා ඇත.මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්ත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඇගැයීමට ලක් කර තිබේ.වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ජනක රොද්‍රිගෝ මහතාගේ නායකත්වයෙන් 2011දී ආරම්භ කළ Kanro Interiors සමාගම, ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂ ස්ථානයක් දිනාගත් ආයතනයක් ලෙස වර්ධනය වී ඇත.කාර්යාල අභ්‍යන්තර ඉදි කිරීම්, කාර්යාලීය ගෘහ භාණ්ඩ ස්ථාපනය, පාර්ටිෂන් සැකසීම, සිවිලිම් සැකසීම, බිම් ආවරණ, බ්ලයින්ඩ්ස් සහ සම්පූර්ණ Tukey ව්‍යාපෘති ඇතුළු පුළුල් පරාසයක සේවා සැපයීමට සමාගම කටයුතු කරයි.වසර ගණනාවක් පුරා Kanro Interiors සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක අභ්‍යන්තර සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිම කර ඇත. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), Cipla Pharmaceuticals, Wurth Lanka, Sri Lanka Youth Corps, CIC සමූහය සහ Volume Lanka ඒ අතර වේ.එමෙන්ම Nestlé Lanka, Browns, Agstar, Keells, ADIC Sri Lanka, Majestic Pride Casino, Hemas Logistics, AMW, Assetline Leasing සහ Sri Lanka Mobitel ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් සමඟද සමාගම සමීපව කටයුතු කර ඇත.Kanro Interiors කළමනාකාරිත්වය සඳහන් කළේ Platinum Excellence සම්මානය තම කාර්ය මණ්ඩලයේ කැපවීම, වෘත්තීයභාවය සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන උසස් තත්ත්වයේ අභ්‍යන්තර පරිසරයන් නිර්මාණය කිරීමට ගෙන යන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි.

තවදුරටත් කියවන්න
බිට්කොයින් මිල 4%ක පහත වැටීමක් සමග මාස තුනකට පසු අවම මට්ටමට

බිට්කොයින් මිල 4%ක පහත වැටීමක් සමග මාස තුනකට පසු අවම මට්ටමට

බිට්කොයින් මිල ඊයේ (03) දිනයේදී සියයට 4කින් පහත වැටී ඩොලර් 64,721.39ක් ලෙස සටහන් වූ අතර, මෙය පෙබරවාරි 28 වැනිදායින් පසු වාර්තා වූ අවම මිල මට්ටම වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.මෙසේ දැඩි ලෙස මිල පහත වැටීම ඩිජිටල් වත්කම් (Cyrptocurrency) වෙළෙඳපොළ පුරා සිදුවන පුළුල් විකිණීම් මාලාවක (Sell-off) කොටසක් වන අතර, පසුගිය සති කිහිපය තුළ ආයතනික ඈවර කිරීම් (Institutional liquidations) සහ වෙනස් වන සාර්ව ආර්ථික දර්ශක හේතුවෙන් මෙම වෙළෙඳපොළ දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.බිට්කොයින් මිල මෙලෙස පහත වැටීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති ස්පොට් බිට්කොයින් ඊටීඑෆ් (Spot Bitcoin ETFs) වෙතින් වාර්තාගත ලෙස ප්‍රාග්ධනය ඉවතට ගලා යාමයි (Capital outflows). මාධ්‍ය වාර්තාවලට අනුව, ආයෝජකයින් කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඉහළ කාර්යසාධනයක් සහිත තාක්ෂණික කොටස් (Technology stocks) වැනි සාම්ප්‍රදායික කොටස් වෙළෙඳපොළ වෙත සිය මුදල් නැවත වෙන් කිරීමට පෙළඹීමත් සමග, මෙම ප්‍රාග්ධන පලායාම තවදුරටත් තීව්‍ර වී තිබෙනවා.බිට්කොයින් මිලෙහි උච්චාවචනයන් සාමාන්‍යයෙන් තනි හේතුවක් මත සිදු නොවන අතර, එය සාර්ව ආර්ථික පීඩනය, වෙළෙඳපොළ ව්‍යුහය සහ ආයෝජක ආකල්පවල වෙනස්වීම් වැනි සාධක කිහිපයක එකතුවකින් සිදුවන්නක්.බිට්කොයින් මිල තියුනු ලෙස පහත වැටෙන විට, එයට සාමාන්‍යයෙන් බලපාන්නේ ගෝලීය වෙළෙඳපොළ තුළ පවතින අවදානම් මඟහැරීමේ ප්‍රවණතාවය (Risk-off mood), පොලී අනුපාත අපේක්ෂාවන්, මිල ඉහළ යාමෙන් පසු ලාභ ලබා ගැනීමට විකිණීම (Profit-taking) සහ ණය උත්තේජන ඈවර කිරීම් (Leverage liquidation) වැනි සාධක එකක් හෝ කිහිපයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තවදුරටත් කියවන්න
මන්නාරම හේවින්ඩ් සුළං බලාගාරය සඳහා වන පළමු මෙගාවොට් 25 ක ටර්බයින තොගය රැගෙන එයි

මන්නාරම හේවින්ඩ් සුළං බලාගාරය සඳහා වන පළමු මෙගාවොට් 25 ක ටර්බයින තොගය රැගෙන එයි

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන 'හේවින්ඩ් වන් ලිමිටඩ්' (HayWind One Limited), මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත මෙගාවොට් 50න් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්බයින (Wind Turbines) තොගය පසුගිය දා ත්‍රිකුණාමලය වරායට සාර්ථකව පැමිණ තිබේ.මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වූ පසු, ඉන් විශාල පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයක් ජනනය කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, වසර 20ක මෙහෙයුම් කාලයක් තුළ ඉන්ධන ආනයන වියදම් වලින් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රටට ඉතිරි කර දීමටත්, එමඟින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව‍ය වඩාත් ශක්තිමත් කරමින්, පරිසර හිතකාමී මෙන්ම අඩු වියදම් විදුලි උත්පාදනයක් කරා ශ්‍රී ලංකාව තබන පියවරට මෙය විශාල ශක්තියක් වනු ඇත.එසේම 'එන්විෂන් එනර්ජි ටෙක්නොලොජි' (Envision Energy Technology) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම ව්‍යාපෘතියට අයත් සමස්ත ටර්බයින 10න් 5ක්, මෙලෙස මන්නාරම ව්‍යාපෘති භූමිය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතය.ත්‍රිකුණාමලයේ සිට ආරම්භ වන මෙම ටර්බයින් කොටස් ප්‍රවාහනය කිරීමේ කටයුතු ඉදිරි මාස තුන පුරාම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම මෙන්ම තාක්ෂණික වශයෙන් වඩාත්ම අභියෝගාත්මක ප්‍රවාහන මෙහෙයුමක් ලෙසද මෙය සැලකේ.මෙහිදී ප්‍රමාණයෙන් ඉතා විශාල සුළං පෙති (Blades), කුළුණු කොටස් (Towers) සහ එන්ජින් පද්ධති (Nacelles) දිස්ත්‍රික්ක කිහිපයක් හරහා ප්‍රවාහනය කිරීමට සිදුවේ. එබැවින්, විධිමත් ඉංජිනේරු ඇගයීම් සහ පූර්ව මාර්ග සැලසුම්කරණයන්ට අනුව, විශේෂ බර වාහන ප්‍රවාහන සේවාවක් (Heavy-haul logistics) මඟින් මෙම සියලු කොටස් ඉතා ආරක්ෂිතව මන්නාරම පරිශ්‍රය වෙත රැගෙන යාමට සියලු කටයුතු යොදා ඇත. 

තවදුරටත් කියවන්න
රබර් කර්මාන්ත පිරිහීමට ඔයිල් පාම් වගාව වගාව සෘජු හේතුවක්ද?

රබර් කර්මාන්ත පිරිහීමට ඔයිල් පාම් වගාව වගාව සෘජු හේතුවක්ද?

පරිසර අධිකරණ මධ්‍යස්ථානය (CEJ) විසින් පසුගිය මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සඳහා තිබූ තහනම ඉවත් කිරීම රටේ ස්වභාවික රබර් කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි.සැබවින්ම, පසුගිය වසර කිහිපය තුළ රබර් වගා භූමි ප්‍රමාණය සහ නිෂ්පාදනය වේගයෙන් අඩුවෙමින් පවතින බව දත්ත මඟින් පෙනේ.කෙසේ වෙතත්, වයඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සහ රබර් පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ Asoka Nugawela මහතා ප්‍රශ්න කරන්නේ මෙම පිරිහීම ඔයිල් පාම් වගාවට සෘජුවම සම්බන්ධ කළ හැකිද යන්නයි.2019 සිට 2024 දක්වා කාලය තුළ රටේ මුළු රබර් නිෂ්පාදනය 16%කින් අඩුවී ඇත. කුඩා හිමිකරුවන් (Small Holders) යටතේ ඇති වගා භූමි ප්‍රමාණය 46%කින් ද, ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) යටතේ ඇති භූමි ප්‍රමාණය 29%කින් ද අඩුවී ඇත.මෙම දත්ත අනුව පැහැදිලි වන්නේ රබර් නිෂ්පාදනය පහත වැටීමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ කුඩා හිමිකරු අංශයේ පිරිහීම බවයි. තවද, එම කාලය තුළ නිෂ්පාදනය 16%කින් පමණක් අඩුවී ඇති අතර භූමි ප්‍රමාණය 38%කින් අඩුවී ඇති බව ද දත්ත පෙන්වයි.මෙයින් පෙනී යන්නේ ආර්ථික ලාභ අඩු, නිෂ්පාදන ඵලදායීතාවය අඩු භූමි කොටස් රබර් වගාවෙන් ඉවත් වීමයි. එසේම 2019 සිට රබර් වගා භූමි අඩුවීම ඔයිල් පාම් වගාව වගාවට සෘජුව සම්බන්ධ කළ නොහැකි බවද මෙහිදී පැහැදිලි වේ, මන්ද එම කාලය තුළ ඔයිල් පාම් වගාව වගාව නීතිමය වශයෙන් අනුමත කර නොතිබුණි.රබර් කර්මාන්තයේ පිරිහීමට ප්‍රධාන හේතු ලෙස අඩු ආදායම්, ස්ථාවර නොවන මිල, ඉහළ යන වියදම් සහ අඩු ඵලදායීතාවය දැක්විය හැක. එමෙන්ම Pestalotiopsis පත්‍ර රෝගය, white root disease සහ tapping panel dryness වැනි රෝග තත්ත්වද ලාභදායීතාවයට හා ආයෝජන උනන්දුවට බලපායි.රබර් කර්මාන්තය රටට විදේශ විනිමය උපයා දීම, රැකියා උත්පාදනය සහ ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා විශාල හැකියාවක් ඇති අංශයකි. ඒ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නම්, ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දෙන පැකේජයක් අවශ්‍ය වේ.තවද, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව වගා හෙක්ටයාර් 20,000ක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද මෙහිදී සඳහන් වේ. එමඟින් වාර්ෂිකව ඩොලර් මිලියන 100ක් පමණ විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බවත්, එම ප්‍රමාණය වෙනත් වගාවකින් ලබා ගැනීමට නම් විශාල වශයෙන් නව භූමි අවශ්‍ය වන බවත් කියා සිටී.එබැවින් සංවර්ධන ව්‍යාපෘති හා ආර්ථික වර්ධනයට බාධා නොවන ලෙස නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ජනතාවට ලබා දිය යුතු බව අවධාරණය කෙරේ.

තවදුරටත් කියවන්න
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම සමග එක්වීමට ශ්‍රී ලංකාව සැරසෙයි

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම සමග එක්වීමට ශ්‍රී ලංකාව සැරසෙයි

​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරනවා.සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිටයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින් RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.​ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිපැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගීත්වයෙනුයි පිහිටුවා ඇත්තේ.මෙයට බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් (ASEAN) කලාපීය සාමාජික රටවල් 10 මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන් ද ඇතුළත්. ශ්‍රී ලංකාව මෙම කලාපීය හවුල්කරුවන් සමග ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත්ව තර කරගැනීමේ අරමුණින් RCEP සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති අතර, විදේශ අමාත්‍යවරයා කැන්බරා සිට දැක්වූ අදහස් අනුව මෙම සංචාරය ඒ සඳහා ශක්තිමත් පදනමක් දමා තිබෙනවා.​මෙම නිල සංචාරයේ දී එළඹි තවත් සුවිශේෂී එකඟතාවක් වනුයේ, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා තවදුරටත් වර්ධනය කිරීමයි. ඒ අනුව, එළඹෙන අගෝස්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව ද බලාපොරොත්තු වන බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් අවධාරණය කළේ.

තවදුරටත් කියවන්න
SLCGE නව නිර්මාණ මධ්‍යස්ථාන යෝජනාව අමාත්‍යාංශයට ඉදිරිපත් කරයි

SLCGE නව නිර්මාණ මධ්‍යස්ථාන යෝජනාව අමාත්‍යාංශයට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) හි උසස් මට්ටමේ නියෝජිත පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු Chathuranga Abeysinghe මහතා හමුවී SLCGE Design Hub පිහිටුවීම සඳහා වන උපායමාර්ගික යෝජනාව නිල වශයෙන් භාර දුන්හ.මෙම නියෝජිත පිරිස SLCGE සභාපති Nishantha Bakmeege මහතාගේ නායකත්වයෙන් සමන්විත වූ අතර සංගමයේ නිලධාරීන් වන Jeremy Enas, Menuka Gunawardana සහ Shehan Olegasageram යන මහත්වරු ද සහභාගී විය.යෝජිත SLCGE Design Hub ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට අලුත්ම සහ ප්‍රථම වරට ක්‍රියාත්මක වන පුරෝගාමී වැඩසටහනක් ලෙස සැලකේ. මෙම සංකල්පය මඟින් SME ඇඟලුම් නිෂ්පාදකයන්ගේ කුසලතා, නිර්මාණාත්මකභාවය සහ පුළුල් නිෂ්පාදන පරාසය එකම මධ්‍යස්ථානයක් තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒකාබද්ධ වේදිකාවක් නිර්මාණය කිරීමට අදහස් කරයි.මෙම මධ්‍යස්ථානය විදේශීය ඇඟලුම් ගැනුම්කරුවන් සඳහා එක් ස්ථානයකින් සියලුම සේවාවන් ලබාගත හැකි one stop destination එකක් ලෙස ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇත. එමඟින් සෘජු ව්‍යාපාරික සම්බන්ධතා ඇති කිරීම, වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ SME අංශයේ අපනයන අවස්ථා වර්ධනය කිරීම අරමුණු කරගනී.මෙම වැඩසටහන යටතේ සියලුම සාමාජික නිෂ්පාදකයන්ගේ හැකියාවන් එක් වේදිකාවකට එක්කරමින්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්‍රයේ දෘශ්‍යතාව සහ තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙය රටේ අපනයන ආදායම ඉහළ නැංවීමටද ජාතික ආර්ථික සංවර්ධන ඉලක්කයන්ටද සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇත.සාකච්ඡා අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනාවට ධනාත්මක සහ උනන්දුවක් දක්වන ප්‍රතිචාරයක් ලබා දුන් අතර, එය ජාතික කාර්මික පරිවර්තනය සහ SME වර්ධනය සඳහා වන ප්‍රතිපත්තිමය අරමුණු සමඟ ගැලපෙන නවෝත්පාදනමය වැඩසටහනක් ලෙස පිළිගත්තේය. 

තවදුරටත් කියවන්න
Entertainment Stories
Explore More
Sun Siyam Pasikudah ශ්‍රී ලංකාවේ එකම පාවෙන සාගර අවන්හල දියත් කරයි

Sun Siyam Pasikudah ශ්‍රී ලංකාවේ එකම පාවෙන සාගර අවන්හල දියත් කරයි

මාලදිවයින කේන්ද්‍ර කරගත් Sun Siyam Resorts හෝටල් ජාලයේ Privé Collection එකතුවට අයත් Sun Siyam Pasikudah Resort විසින් පාසිකුඩා මුහුදු බොක්ක මත පිහිටි පාවෙන අවන්හල වන Aqua Lounge නිල වශයෙන් දියත් කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ පිහිටි එකම සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක පාවෙන අවන්හල වීම ද විශේෂත්වයකි.තවද, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඉන්දියානු සාගරය මත පිහිටි එකම පාවෙන සුඛෝපභෝගී භෝජන අත්දැකීම (fine dining experience) ලෙසද මෙය සැලකේ. මෙය දිවයිනේ වෙනත් ප්‍රදේශවල පවතින ගංගා සහ වැව් ආශ්‍රිත පාවෙන භෝජන අත්දැකීම්වලින් වෙනස් වූ සුවිශේෂී සංකල්පයකි.වර්ග අඩි 400 ක වපසරියකින් යුත් මෙම පාවෙන අවන්හල වෙත අමුත්තන්ට හෝටලයේ වෙරළ තීරයේ සිට සෘජුවම catamaran පාරුවකින් ළඟා විය හැකිය. පරිසර හිතකාමී දැව සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බැරල් භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම ව්‍යුහය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වේ.“පාසිකුඩා බොක්කේ සුවිශේෂී හැඩය, නොගැඹුරු මුහුදු පරිසරය සහ සන්ධ්‍යා කාලයේ ආලෝකය ඒ මතට වැටෙන ආකාරය සැබවින්ම ආකර්ෂණීයයි. අපට අවශ්‍ය වූයේ අමුත්තන් එම සුන්දරත්වයේ කේන්ද්‍රයටම රැගෙන යාමයි. වෙරළේ සිට සාගරය දෙස බලා සිටිනවා වෙනුවට, සැබවින්ම සාගරය මත හිඳ එහි අසිරිය විඳීමට ඔවුන්ට අවස්ථාව ලබාදීමයි,” යනුවෙන් Sun Siyam Pasikudah හි සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසීය.මෙම අවන්හල කැපී පෙනෙන්නේ එය පිහිටා ඇති ස්ථානය නිසා පමණක් නොව, එහි සැලසුම සහ තිරසාරභාවය පදනම් කරගත් සංකල්පය නිසාද වේ. තිරසාර දැව භාවිතය, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වීම මෙන්ම, හෝටලයේ ගොඩබිම් මෙහෙයුම් සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ අපජලය භාවිත කිරීම ද මෙම පාරිසරික දැක්මට අයත් වේ.මෙහි භෝජන අත්දැකීම නැගෙනහිර වෙරළේ නැවුම් රසයන්ගෙන් සමන්විත අංග හතකින් (seven-course) යුත් ආහාර වේලක් වටා නිර්මාණය වී ඇත. සන්ධ්‍යා කාලයේ සාගරය මතට වැටෙන හිරු බැස යෑමේ ආලෝකය සමඟ රසවිඳිය හැකි කොක්ටේල් පානයකින් මෙම අත්දැකීම ආරම්භ වේ.Sun Siyam Pasikudah Resort පැවිලියන් ආකාරයේ නවීන කාමර 34 කින් සමන්විත අතර, ශ්‍රී ලංකාවේ ඉතාමත් සුන්දර සහ අවිහිංසිත වෙරළ තීරයක් ආශ්‍රිතව පිහිටා ඇත. 

තවදුරටත් කියවන්න
“මනස්විතා” නර්තන ප්‍රසංගය සෞන්දර්ය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

“මනස්විතා” නර්තන ප්‍රසංගය සෞන්දර්ය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉන්දියානු සහ ආසියානු නර්තන අධ්‍යයන අංශය විසින් සංවිධානය කරන ලද “මනස්විතා” වාර්ෂික නර්තන ප්‍රසංගය 2026 මැයි 13 වන දින සන්ධ්‍යාවේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී විශ්වවිද්‍යාලයේ මැද මිදුල රිද්මය, සම්ප්‍රදාය සහ කලාත්මක ප්‍රකාශනයෙන් පිරි විචිත්‍රවත් අවකාශයක් බවට පරිවර්තනය විය.මෙම ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සිව්වන වසර සිසුහු දින ගණනාවක් පුරා මහත් කැපවීමකින් කටයුතු කළහ. සෑම අංගයකින්ම ඉන්දියානු සහ ආසියානු නර්තන සම්ප්‍රදායන්හි ගැඹුර, විනය සහ කලාත්මකභාවය මැනවින් පිළිබිඹු වන අයුරින් නිර්මාණ ඉදිරිපත් කෙරිණි.ආලෝකකරණය, වේදිකා නිර්මාණය සහ හැඟීම්වල ගැඹුර එක්වීමෙන් ප්‍රේක්ෂකයන්ට විශිෂ්ට රංගන අත්දැකීමක් ලබාදීමටද මෙම ප්‍රසංගය සමත් විය.“මනස්විතා” ප්‍රසංගය සාම්ප්‍රදායික නර්තන උරුමයන් සහ සිසුන්ගේ සමකාලීන කලාත්මක ප්‍රකාශනයන් සුසංයෝගීව මුසු කළ, ඉතා සැලසුම්සහගත නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ලෙස කැපී පෙනිණි.එය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉන්දියානු සහ ආසියානු නර්තන අධ්‍යයන අංශය සනිටුහන් කළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසද සැලකිය හැකිය.

තවදුරටත් කියවන්න
පිටසක්වල ජීවීන් සහ UFO ගැන අමෙරිකාවේ තවත් රහසිගත ලේඛන පෙළක් එළියට

පිටසක්වල ජීවීන් සහ UFO ගැන අමෙරිකාවේ තවත් රහසිගත ලේඛන පෙළක් එළියට

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් මෙතෙක් රහසිගතව තබාගෙන සිටි ලේඛනවල දෙවන කොටස ප්‍රසිද්ධියට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙම නවතම ලේඛනගත වාර්තාවල අද්භූත කොළ පැහැති ආලෝක ගෝල (green orbs), තැටි හැඩැති වස්තූන් (discs) සහ ගිනි බෝල (fireballs) අහසේ දර්ශනය වූ බවට විවිධ පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශ රැසක් ඇතුළත්.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝගයකට අනුව මෙහි පළමු ලේඛන සමූහය පසුගිය මැයි 8 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණා.1970 දශකයේ අගභාගයේදී ආරම්භ වූ UFO පිළිබඳ රජයේ වාර්තා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය යටතේ, මෙම තොරතුරු ජනගත කිරීමට පියවර ගත් නවතම අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේද ඔහුයි.නිල වශයෙන් "හඳුනානොගත් විෂම සංසිද්ධි" (unidentified anomalous phenomena) ලෙස හැඳින්වෙන මෙම ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට දිගු කලක් තිස්සේ මහජනතාව අතර විවිධ අනුමාන සහ කුතුහලයන් ඇති කිරීමට හේතු වූ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව, "දැන් අමෙරිකානු ජනතාවට මේවා තමන්ගේම ඇසින් දැක බලා ගැනීමට කාලය පැමිණ තිබෙනවා," යැයි ඔහු සිය නිල ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.මෙවර නිකුත් කරන ලද සමස්ත ලේඛන 222 අතර, 1948 සිට 1950 දක්වා කාලය තුළ නිව් මෙක්සිකෝහි පිහිටි 'සැන්ඩියා' (Sandia) නම් අතිශය රහසිගත යුද කඳවුරක් ආශ්‍රිතව සිදුවූ විමර්ශනවලට අදාළ පිටු 116ක විශේෂ වාර්තාවක්ද ඇතුළත්.ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, එම යුද කඳවුර අවට අහසේ කොළ පැහැති ආලෝක ගෝල, තැටි සහ ගිනි බෝල දර්ශනය වූ අවස්ථා 209ක් පිළිබඳ තොරතුරු මෙම ගොනුවෙහි සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.මූලාශ්‍රය - රොයිටර්ස්

තවදුරටත් කියවන්න
සුපිරි පාපන්දු ක්‍රීඩක බෙකම් බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙයි

සුපිරි පාපන්දු ක්‍රීඩක බෙකම් බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙයි

එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත් රාජධානියේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව ඇති බව 2026 Sunday Times Rich List වාර්තාව අනාවරණය කරනවා.එහිදී ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම් සතු මුළු ඒකාබද්ධ වත්කම පවුම් බිලියන 1.185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.බ්‍රිතාන්‍ය ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුව සම්පාදනය කරන්නන්ට අනුව, බිලියනපති තත්ත්වයට පත් වූ එක්සත් රාජධානියේ පළමු ක්‍රීඩකයා ලෙස බෙකම් වාර්තා අතරට එක්වෙනවා.ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද බෙකම් සතු සන්නාම වටිනාකම සහ සාර්ථක ව්‍යාපාරික ආයෝජන මෙම දැවැන්ත වත්කම් වර්ධනයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.මූලාශ්‍රය | බීබීසී

තවදුරටත් කියවන්න
මොන්රෝගේ රහසිගත ලිපි ලේඛන සහ කවි වෙන්දේසියට

මොන්රෝගේ රහසිගත ලිපි ලේඛන සහ කවි වෙන්දේසියට

හොලිවුඩයේ අමරණීය සිනමා තරුවක වන මැරිලින් මොන්රෝගේ අතිශය පෞද්ගලික භාණ්ඩ එකතුවක් ඇයගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන ජූනි මස 01 වැනිදා වෙන්දේසි කිරීමට කටයුතු යොදා තිබෙනවා.Heritage Auctions ආයතනය මගින් සංවිධානය කරන මෙම වෙන්දේසිය හරහා මොන්රෝගේ ජීවිතයේ මෙතෙක් ලොවට රහසක්ව පැවති පැති කිහිපයක් අනාවරණය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මොන්රෝගේ සමීපතම මිතුරන් වූ නෝමන් සහ හෙඩා රොස්ටන් සතු වූ මෙම එකතුවට ඇය ඇඳි ඇඳුම් පැළඳුම්, ආභරණ, ලිපි, ඇය විසින්ම ලියන ලද සටහන්, සිතුවම් සහ කවි ඇතුළත්.මීට පෙර කිසි දිනෙක ප්‍රසිද්ධියට පත් නොවූ ලිපි ලේඛනද මෙම එකතුවට ඇතුළත් බවත්, එහිදී, මෙම ලේඛන හරහා මොන්රෝගේ ප්‍රේම සබඳතා, දරු ගැබක් අහිමි වීම පිළිබඳ ඇය තුළ තිබූ බිය සහ මරණය පිළිබඳ ඇය කළ මෙනෙහි කිරීම් විදහා දක්වන බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.වෙන්දේසි ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ බ්‍රයන් චේන්ස් පවසන පරිදි, ඇයගේ මානසික පීඩනය හෙළිවන එක් සුවිශේෂී සටහනක් ද මෙහි ඇතුළත්.එහි ඇය "මට දැනෙන්නේ මා ගිලෙමින් සිටිනවා වැනි හැඟීමක්" යනුවෙන් ලියා ඇති අතර, ජලයේ ගිලී යන රූපයක් ද එහි ඇඳ තිබෙන බවයි සඳහන්.මොන්රෝගේ හිටපු සැමියෙකු වූ නාට්‍ය රචක ආතර් මිලර් විසින් එවන ලද ලිපි මෙන්ම, ඇය මිය යාමට පෙර දින කිහිපය පිළිබඳ ඇගේ මනෝ වෛද්‍යවරයා විසින් ලියන ලද මෙතෙක් අනාවරණය නොවූ ලිපියක් ද මෙම එකතුවට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ.1926 දී නෝර්මා ජීන් මෝර්ටෙන්සන් නමින් අමෙරිකාවේදී උපත ලැබූ මැරිලින් මොන්රෝ, සිය වෘත්තීය ගමන ආරම්භ කළේ නිරූපිකාවක ලෙසින්.පසුව 1940 දශකයේ අගභාගයේදී සිනමාවට පිවිසි ඇය, 1950 දශකය වන විට ලොව වඩාත්ම ඉල්ලුමක් ඇති නිළිය බවට පත් වුණා.1962 අගෝස්තු 04 වැනිදා වයස අවුරුදු 36 දී ඇය මියගොස් සිටියදී හමු වූ අතර, එය අධික ලෙස නිදි පෙති පානය කිරීමෙන් සිදුවූ මරණයක් (Overdose) ලෙස තීන්දු කළා.කෙසේ වෙතත්, ඇයගේ මරණය අදටත් විවිධ කුමන්ත්‍රණ කථා සහ අබිරහස් වලින් පිරි එකක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.මූලාශ්‍රය | රොයිටර්ස්

තවදුරටත් කියවන්න
Hiru TV News | Programmes
////////////////////////////////////////////////ON 2025-10-9 valible milan closed ///////////////////////////////////////