General29 March 2018

රිය අනතුරකින් මියගිය සිසුවාට A 9 ක් (ඡායාරූප)

යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සිසුවෙකුට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් A සාමාර්ථ 9 ක් ලැබිමේ පුවතක් වාර්තා වනවා.

ඊයේ නිකුත්වූ ප්‍රතිඵලවලින් සිසුවා පෙනී සිටි ඉංග්‍රීසි භාෂාව ද ඇතුලුව විෂයන් 9 ටම A සාමර්ථ ලැබී තිබීම විශේෂත්වයක්.

ඔහු පසුගිය දෙසැම්බර් මස 28 වනදා ජීවිතක්ෂයට පත්වුනේ මද්දුවිල් ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින්.

සිසුවා ගමන් කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි අනතුර සිදුව තිබුනේ.

ඔහු අධ්‍යාපනය ලබා තිබුනේ යාපනය මද්දුවිල් කමලාසිනි විද්‍යාලයේයි.



ඡායාරූප - වව්නියාව මාධව කුලසූරිය
Related recommendation
Hiru TV News | Programmes