ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 07 කට ආසන්න කාලයක් ඊයේ ප්‍රශ්න කර තිබුණා.
ඒ අතරතුර ඔහු කටහඬ සාම්පලයක් පටිගත කර ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් අවසරය මතයි.
මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැතක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර නැමැත්තා, හිටපු ආරක්ෂක ලේකම්වරයා වරකාපොල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයක් සඳහා ගෙන්වා ගැනීමට බලවත් උත්සාහයක් දරා ඇති බවට වාර්තාවනවා.
ඔහු මෙම උත්සාහය දරා ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු හරහායි. නාමල් කුමාරගේ මෙම ඉල්ලීම එම ප්‍රාදේශීය දේශපාලනඥයා විසින් කෑගල්ල ප්‍රදේශයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට යොමු කර ඇති අතර, ඔහු ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනඥයාගෙන් අවස්ථා ගණනාවකදී බලවත් ඉල්ලීමක් කර ඇති නාමල් කුමාර අවසානයේ පවසා ඇත්තේ සිය ඉල්ලීම් ඉටු කර නොදෙන්නේ නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැඳවා මෙම උත්සවය සිදුකරන බවටයි. නාමල් කුමාර මෙම උත්සාහය දරා ඇත්තේ මීට මාස 3 කට තුනහමාරකට ඉහතදී බවද අනාවරණ වනවා.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට හෙළිකළ ඉන්දීය ජාතිකයා මානසික ආබාධයයකින් පෙළෙන පුද්ගලයෙකු බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුට ජීවිත තර්ජන පවතින බවට ඇති වාර්තා සැලකිල්ලට ගනිමින් පරීක්ෂණයක් සිදුකළ බවයි.
ඒ අනුව චෝදනාවට ලක්වු ඉන්දීය ජාතිකයා 2000 වර්ෂයේ සිට මානසික ආබාධයකින් පෙලෙන බවට අනාවරණ වී ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට නාමල් කුමාරගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා හෙළි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා අධිකරණයට දැනුම් දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස අධිකරණයට කරුණු වාර්තා කර තිබුණත්, වාද්දුව පොලිස් ස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයාගෙන් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු හෙළි වී නොමැති බවයි.

Latest News
ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් තරගයේ කාලය කා දැමූ චෝදනාවට කොදෙව්වන්ට දඩ
Local
09 July 2026
ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට
Local
09 July 2026
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026