General12 March 2019

ආයුර්වේද සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගණිකා නිවාසය වැටලූ මෙහෙයුම

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් මාකොළ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවසක්‌ වටලා තරුණ කාන්තාවන් 06 දෙනකු සමඟ එහි කළමනාකාරිණිය ලෙස කටයුතු කළ කාන්තාවක් සපුගස්‌කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය ධූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකළ බවයි සපුගස්‌කන්ද පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් වයස අවුරුදු අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන්නියන් වන අතර ඔවුන් අනුරාධපුරය, ගාල්ල, මොණරාගල සහ කඩවත යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු කළමනාකාරිණිය මාකොළ ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි තැනැත්තියක්.

එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් රුපියල් එක්‌දහස්‌ තුන්සියයක මුදලක්‌ ගෙවා අදාල සම්බාහන මධ්‍යස්‌ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පුද්ගලයින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලා සිටින මුදල ගෙවිය යුතු වනවා.

කාන්තාවන්ට ඔවුන් උපයන මුදල ඔවුන්ටම හිමිවන අතර ඒ අනුව එක්‌ කාන්තාවක්‌ දිනකට රුපියල් දහදහසක පමණ මුදලක්‌ උපයන බවට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.








Related recommendation
Hiru TV News | Programmes