ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ සිදුකළ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
පුරාවිද්‍යා බලධාරීන් සඳහන් කළේ බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට සැක කළහැකි ස්ථූපයක් පිළිබඳවත්, ඒ අනුව කරුණු හෙළිදරව් වී ඇති බවයි.
සේරුවිල එක් කෙළවරක පිහිටි ඓතිහාසික විල්ගම්වෙහෙර රජමහා විහාරයයි.
පාලී ධාතු වංශය, සිංහල ධාතු වංශය, වැනි ඓතිහාසික වංශ කතාවල සඳහන් වන්නේ සෝමාදේවිය සහ ගිරිඅබා රජු විසින් විල්ගම්වෙහෙර රජමහා විහාරයේ සෝමනුවර ස්ථූ පය කරවූ බවටයි.
එම පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව වසර 2ක් තිස්සේ කැනීම් සිදුකළා.
එහිදී පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත්තේ ක්‍රි.පූ. 2 දක්වා දිවෙන ඉතිහාසයක් මෙම සෝම නුවර සෑයට උරුම කර දෙමින්.
ඒ අනුවල මෙම ස්තූපය බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට විශ්වාස කෙරෙනවා.
ඊට අදාළ සාධක කිහිපයක් ද පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙලෙස හෙළිදරව් කෙරුණා.
කෙසේ වෙතත්, බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව මෙම ස්ථානයේ නිදන් කර තිබුණේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සහ කැනීම් සිදුකිරීම අවශ්‍ය වනවා.
Latest News
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026
පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:
Local
24 June 2026
පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්
Local
24 June 2026
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026