General19 July 2020

විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි කිහිපයක් (වීඩියෝ)



ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ සිදුකළ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

පුරාවිද්‍යා බලධාරීන් සඳහන් කළේ බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට සැක කළහැකි ස්ථූපයක් පිළිබඳවත්, ඒ අනුව කරුණු හෙළිදරව් වී ඇති බවයි.

සේරුවිල එක් කෙළවරක පිහිටි ඓතිහාසික විල්ගම්වෙහෙර රජමහා විහාරයයි.

පාලී ධාතු වංශය, සිංහල ධාතු වංශය, වැනි ඓතිහාසික වංශ කතාවල සඳහන් වන්නේ සෝමාදේවිය සහ ගිරිඅබා රජු විසින් විල්ගම්වෙහෙර රජමහා විහාරයේ සෝමනුවර ස්ථූ පය කරවූ බවටයි.

එම පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව වසර 2ක් තිස්සේ කැනීම් සිදුකළා.

එහිදී පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත්තේ ක්‍රි.පූ. 2 දක්වා දිවෙන ඉතිහාසයක් මෙම සෝම නුවර සෑයට උරුම කර දෙමින්.

ඒ අනුවල මෙම ස්තූපය බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඊට අදාළ සාධක කිහිපයක් ද පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙලෙස හෙළිදරව් කෙරුණා.

කෙසේ වෙතත්, බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව මෙම ස්ථානයේ නිදන් කර තිබුණේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සහ කැනීම් සිදුකිරීම අවශ්‍ය වනවා.
Related recommendation
Hiru TV News | Programmes