General26 December 2021

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ශීත කාලගුණික තත්වයක් - නුවරඑළියට අදත් මල් තුහින (ඡායාරූප)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම් කාලයේදී තරමක ශීත කාලගුණික තත්වයක් ද අපේක්ෂා කෙරෙනවා.

බස්නාහිර සබරගමුව මධ්‍යම උතුරු මැද දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ද ඇතිවිය  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Related recommendation
Hiru TV News | Programmes