General17 August 2024

නඩත්තුවක් නොමැතිව විනාශයට ගිය අපේ ගම (වීඩියෝ)

මෙරට අතීත ජන ජීවිතය ලොවට විදහාපෑමේ අරමුණින් ආරම්භ කළ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය කලා නිර්මාණ රැසකට සෙවණ දුන් ස්ථානයක්.

විදේශිකයන්ගේද ආකර්ශනය දිනාගත් ඉතා අලංකාර පරිසරයකට හිමිකම් කියූ අපේ ගම පරිශ්‍රය මේ වනවිට අභාවයට යමින් පවතින බවට හිරු ප්‍රවෘත්ති අංශයට ලැබුණු තොරතුරු අනුව ඒ පිළිබඳ සොයා බැලීමක් කළා.

මෙරට අතීත ජන ජීවිතය ලොවට විදහාපෑම හා සම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳ දැනුම ලබාදීමේ අරමුණින් 2013 වසරේදී බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ආරම්භ කර තිබෙනවා.

ඒ එවක පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීවයි.

එම පරිශ්‍රයේ ඉදිකර තිබූ පැරණි ගැමි ගෙවල් කිහිපයක්ම මේ වනවිට ගරා වැටී තිබෙනවා.

එසේම අපේ ගම පරිශ්‍රය තුළ විවිධ දේශීය භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා කුලී පදනම මත ලබා දී තිබූ කඩ කාමරද අද වන විට විනාශ වී ගොස් තිබෙනවා.

අපේ ගම නිර්මාණය කිරීමට මහජන මුදල් කෙතරම් වැය කළද, වසර ගණනාවකින් එම පරිශ්‍රයේ කිසිදු නඩත්තුවක් සිදු කර නොමැති බවයි එය දැක බලා ගැනීමට යන අයට දිස්වන්නේ.



 
Related recommendation
Hiru TV News | Programmes