General25 July 2025

ජනපති සමාවේ රැඳවියාට වසර 07 ක සිර දඩුවම්

නීතියට පටහැනි අයුරින් ජනපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැත්තාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා.

ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුල වෛද්‍යවරයෙකු තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ තිස් පහක පමණ මුදලක් ලබා ගෙන සාදව්‍ය පරිහරණය කිරීමේ චෝදනා දෙකට අදාළවයි.

ඒ අනුව බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිතා කරන ලේඛණයක්, කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාවට විත්තිකාර විත්තිකරුට වසර පහක බරපතල වැඩ සහිත සිර දඬවමක් නියම කල මහාධිකරණ විනිසුරුවරයා, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතල වැඩ සහිත අනිවාර්ය සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

ඊට අමතරව මෙම නඩුfවි පැමිණිළිකාර වෛද්‍යවරයාට මුදලින් රුපියල් ලක්ෂ හතලිහක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes