General21 October 2025

අධික වැසි නිසා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කලුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුරයයි.
Related Recommends
Hiru TV News | Programmes