General21 October 2025

හරින් එජාපයේ ප්‍රධාන තනතුරකට

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර  තිබෙනවා.

මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ  නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත් කරනු ලැබ සිටිනවා.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන් තනතුරේ වගකීමයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස බාරව ක්‍රියා කරන්නේ ද හරීන් ප්‍රනාන්දුයි.

Related Recommends
Hiru TV News | Programmes