General01 December 2025

මොරගහකන්ද සහ කොත්මලේ වේලි කැඩී යාමේ අවදානමක් නෑ.... - DMC

කොත්මලේ සහ මොරගහකන්ද ජලාශ වේලි බිඳී ගොස් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම තොරතුර සාවද්‍ය පුවතක් බවත්, කිසිදු අයුරකින් වේලි බිඳී යාමක් හෝ ඉරිතැලීමක් සිදුව නොමැති බවයි.

මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ කාර්යාලයේ ඉංජිනේරු නිලන්ත ධනපාල සඳහන් කළේ, කොත්මලේ ජල මට්ටම සුළු වශයෙන් පිටාර මට්ටම පසු කර ඇති බැවින් එම ජලය ක්‍රමානුකූලව නිදහස් කරන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes