ඉරානයේ සති දෙකක් පුරා පැතිර ගිය දැඩි නොසන්සුන්කාරී තත්ත්වය මර්දනය කිරීමේදී, ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඇතුළුව පුද්ගලයන් 2,000ක් පමණ මිය ගොස් ඇති බව එරට නිලධාරියෙකු අද හෙළිකර තිබෙනවා.
රජයේ දැඩි ක්‍රියාමාර්ග හමුවේ සිදුවූ මෙතරම් ඉහළ මරණ සංඛ්‍යාවක් පිළිබඳව ඉරාන බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.
රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් එම ඉරාන නිලධාරියා සඳහන් කළේ, විරෝධතාකරුවන්ගේ මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද මරණවලට ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන පිරිසක් වගකිව යුතු බවයි.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත ලෙස හඳුනාගෙන නැහැ.
පවතින අසීරු ආර්ථික තත්ත්වය හේතුවෙන් හටගත් මෙම විරෝධතා, අවම වශයෙන් පසුගිය වසර තුනක කාලය තුළ ඉරාන බලධාරීන් මුහුණ දුන් විශාලතම අභ්‍යන්තර අභියෝගයයි.
මෙම තත්ත්වය උදාවී ඇත්තේ පසුගිය වසරේ ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ජාත්‍යන්තර පීඩනය තීව්‍ර වී ඇති මොහොතකයි.
1979 ඉස්ලාමීය විප්ලවයේ සිට බලයේ සිටින ඉරානයේ ආගමික බලධාරීන් මෙම විරෝධතා සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ කරනවා.
ඔවුන් ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් කෙරෙන විරෝධතා සාධාරණ බව පවසන අතරම, ආරක්ෂක අංශ යොදවා දැඩි මර්දනයක් ද ක්‍රියාත්මක කරන බව සඳහන්.
එමෙන්ම මෙම නොසන්සුන්තාවය උසිගැන්වීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සම්බන්ධ බවට ඔවුන් චෝදනා කරන අතර, නම් නොකළ ත්‍රස්තවාදීන් විසින් විරෝධතා අත්පත් කරගෙන ඇති බව පවසනවා.
මීට පෙර මානව හිමිකම් කණ්ඩායමක් විසින් මියගිය පුද්ගලයන් සිය ගණනක් හඳුනාගෙන තිබූ අතර, දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබුණා.
පසුගිය දිනවල පනවන ලද අන්තර්ජාල විසන්ධිකිරීම් ඇතුළු සන්නිවේදන සීමාවන් හේතුවෙන් තොරතුරු ගලා ඒමට බාධා එල්ල වුණා.
කෙසේ වෙතත්, පසුගිය සතියේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ රාත්‍රී ගැටුම් දැක්වෙන වීඩියෝ දර්ශන මගින් වෙඩි තැබීම්, ගිනි තබන ලද මෝටර් රථ සහ ගොඩනැගිලි සහිත ප්‍රචණ්ඩකාරී ගැටුම් පිළිබඳ අනාවරණය වී තිබෙනවා.
Latest News
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026