International25 January 2026

ජපානයේ අවසන් පැන්ඩා යුවළ චීනය බලා යෑමට සූදානම්

1972 වසරෙන් 54 වසරකට පසුව ජපානය පැන්ඩා සතුන්ගෙන් තොර රටක් බවට පත්වෙමින් එරට සිටින අවසන් පැන්ඩා යුවළ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

'ෂියාඕ ෂියාඕ' සහ 'ලෙයි ලෙයි' නමින් හැඳින්වෙන එම පැන්ඩා යුවළ දැකගැනීමට ජපාන වැසියන්ට අවසන් අවස්ථාව අද උදාවූ අතර ඒ සඳහා කුසපත් ඇදීමක් ද සිදුවුණා.

චීනය විසින් "පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය" යටතේ පැන්ඩා සතුන් කුලී පදනම මත රටවල් වෙත ලබාදෙන අතර ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු නැවත එම සතුන් චීනය වෙත ලබාගැනීම සිදුකරනවා.

කෙසේවෙතත් තායිවානය මුල් කරගනිමින් මෑතකදී ජපාන අගමැතිනිය කළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර සබඳතා පළුදු වී ඇති පසුබිමක චීනයෙන් නව පැන්ඩා සතුන් ජපානය වෙත ලබා ගැනීම පිළිබඳ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes