අමෙරිකා එක්සත් ජනපදය සහ ටෙහෙරානය අතර "සම්බන්ධීකරණයක්" සිදුව ඇති බවත්, යුද්ධය අවසන් කිරීම සඳහා වන "තිරසාර" යෝජනාවලට සවන් දීමට ඉරානය සූදානම් බවත්, ඉරාන මූලාශ්‍රය උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරනවා.
"පසුගිය දිනවල වොෂින්ටනයේ මූලිකත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සබඳතා ගොඩනැගී ඇති නමුත්, එය තවමත් පූර්ණ සාකච්ඡා මට්ටමකට පැමිණ නැහැ," යැයි එම මූලාශ්‍රය සඳහන් කර තිබෙනවා.
යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවයකට පැමිණිය හැකිද යන්න සොයා බැලීමට විවිධ මැදිහත්කරුවන් හරහා පණිවිඩ ලැබී ඇති බවද එහි සඳහන්.
"දැනට සලකා බලමින් පවතින යෝජනා හුදෙක් සටන් විරාමයක් ලබා ගැනීම සඳහා පමණක් නොව, අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම අවසන් කිරීම සඳහා වන ස්ථිර එකඟතාවයක් ඉලක්ක කරගත් ඒවා වේ," යැයි එම පුවත් සේවය සඳහන් කරනවා.
සාකච්ඡා සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රසිද්ධ ප්‍රකාශ පිළිබඳව අදහස් දැක්වීම එම මූලාශ්‍රය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඕනෑම ප්‍රායෝගික යෝජනාවක් සලකා බැලීමට ටෙහෙරානය සූදානම් බව ඉරානයේ ස්ථාවරය සැමවිටම පැහැදිලි බව අවධාරණය කර ඇති බව සඳහන්.
"ඉරානය අමෙරිකාව සමග සෘජු සාකච්ඡා හෝ හමුවීම් ඉල්ලා සිටින්නේ නැහැ. නමුත් ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික අවශ්‍යතා ආරක්ෂා වන පරිදි තිරසාර ගනුදෙනුවක් සඳහා සැලසුමක් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳව සවන් දීමට සූදානම්," යැයි එම මූලාශ්‍රය වැඩිදුරටත් පවසා තිබෙනවා.
"ඉරානය කිසිවිටෙකත් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවට අවශ්‍ය සියලු සහතික ලබා දීමට සූදානම්, නමුත් සාමකාමී අරමුණු සඳහා න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කිරීමට අපට අයිතියක් තිබෙනවා." ඕනෑම යෝජනාවකට ඉරානයට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කිරීම ද ඇතුළත් විය යුතු බව එම මූලාශ්‍රය වැඩිදුරටත් අවධාරණය කර ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ.

Latest News
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026