International12 April 2026

ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ඉරාකයෙන් ලෙබනනයට ආධාර

ලෙබනනයට එල්ල වූ මෑතකාලීන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් ලෙබනන ජනතාව වෙනුවෙන් හදිසි සහන ආධාර ලබාදීමට ඉරාක රජය තීරණය කර තිබෙනවා.

ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානි (Mohammed Shia al-Sudani) විසින් ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් (Joseph Aoun) වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෑතකාලීන ප්‍රහාරවලින් විපතට පත් වූවන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ලෙබනන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, පීඩාවට පත් ලෙබනන වැසියන් සඳහා ඉරාකය විසින් ඉන්ධන, ආහාර ද්‍රව්‍ය සහ සහන සේවා ද්‍රව්‍ය ලබාදීමට නියමිතයි.

ඊශ්‍රායල ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු ඉරාක අග්‍රාමාත්‍යවරයා, ලෙබනනයේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය රැකගැනීම සඳහා එරට රජය දරන උත්සාහයට ඉරාකයේ පූර්ණ සහාය හිමිවන බවද අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මූලාශ්‍රය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes