General23 April 2026

ශ්‍රීලංකන් නම විකුණා මුදල් ගරන ජාවාරමක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

WhatsApp ගිණුම් හරහා "Sri Lankan Airline" ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා "Sri Lankan.apk" යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙම යෙදුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත්, එය ස්ථාපනය කිරීම මගින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබා ගැනීම සඳහා අවසර ලබා ගැනීම සිදුවන අතර, ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවටත්, නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගණුදෙනුවක් සිදු කරවීමට සලස්වමින් One Time Password (OTP) අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත (ඇඟිලි සලකුණු, මුහුණු හඳුනා ගැනීම) ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

එසේම මෙම ක්‍රියාවලිය සඳහා 077-4558361, 011-7771979, 074-1142208, 077-5791209, 074-3268200 යන දුරකථන අංක භාවිත කරන බවට නිරීක්ෂණ වී ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes