ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපළේ සිට ස්විට්සර්ලන්තයේ සූරිච් බලා ගමන් කිරීමට සූදානම් වූ ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයට (SWISS) අයත් ගුවන් යානයක එන්ජිමක් ගිනි ගැනීමට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද (26) අලුයම අලුයම 1:00ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවයි සඳහන්.
යානය ධාවන පථය ඔස්සේ ගුවන්ගත වීමට (Takeoff roll) වේගයෙන් ගමන් කරමින් සිටියදී එහි එක් එන්ජිමක හදිසි කාර්මික දෝෂයක් හටගෙන තිබුණා.
ඉන් අනතුරුව එන්ජිම ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
යානයේ වේගය පැයට සැතපුම් 104ක් පමණ වූ අවස්ථාවේදී ගුවන් නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය නතර කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්.
එම අවස්ථාවේ යානය තුළ මගීන් 232 දෙනෙකු සිට ඇති අතර ඔවුන් හදිසි දොරටු ඔස්සේ ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් මගීන් ඉවත් කිරීමේදී ඇති වූ තෙරපීම් සහ ලිස්සා යාම් නිසා මගීන් 06 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුර හේතුවෙන් යානයේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ගිනි නිවන රථ කිහිපයක් එම ස්ථානයට කැඳවනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිදුවීමෙන් ගුවන් තොටුපළේ සෙසු මෙහෙයුම්වලට බාධාවක් එල්ල වී නොමැති බවයි එහි බලධාරීන් පවසන්නේ.
මෙම සිදුවීමට හේතුව සෙවීම සඳහා ස්විට්සර්ලන්තයේ සිට තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් දිල්ලි වෙත පැමිණීමට නියමිත අතර, දැනට යානය ධාවන පථයෙන් ඉවත් කර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026