General30 April 2026

සියයට 95ක ගාස්තු වැඩි නොවන බව උපයෝගීතා කොමිසම කියයි

විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉල්ලු‍ම් කළ ද, රජය විසින් රුපියල් බිලියන 15 ක සහනාධාරයක් ලබාදෙන බවට මහ භාණ්ඩාගාරය විසින් මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, මේ හේතුවෙන් විදුලි ගාස්තු වැඩි වුව ද පාරිභෝගිකයින් සියයට 95 ක ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවට කොමිසම නිර්දේශ කර ඇති බවයි.

විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම, නව යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමු කර තිබුණේ පෙරේදා දිනයේදීයි.

වසරේ දෙවන සහ තෙවැනි කාර්තු සඳහා බලපැවැත්වෙන පරිදි එය ඉදිරිපත් කර තිබුණා.

මීට පෙර, එනම් පසුගිය 6 වනදා ද ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවන කාර්තුව සදහා සියය ට 15 ක පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දෙවන කාර්තුවේ පැවති රුපියල් බිලියන 31 ක හිඟය මේ වනවිට රුපියල් බිලියන 38 දක්වා ඉහළ ගොස් ඇති බවයි නව යෝජනාවෙන් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම දැනුම් දී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes