International01 May 2026

ඉරානයේ සාම යෝජනාව ගැන ට්‍රම්ප් අතෘප්තියෙන් : "ඉරානය කිසිදා එකඟතාවයකට එයිදැයි සැකයි"

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සාම ගිවිසුමක් කරා ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් (strides) පෙන්වා ඇතත්, ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සාම ගිවිසුමක් සඳහා ඉරානය යම් පියවර ගෙන ඇති බව ට්‍රම්ප් පිළිගන්නා නමුත්, එම උත්සාහයන් සාර්ථක අවසානයක් කරා ගෙන යාමට ඔවුන්ට හැකි වේදැයි ඔහු සැක පළ කරනවා.

පාකිස්ථානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් පාකිස්ථානයට සහ එහි නායකයින්ට "දැඩි ගෞරවයක්" දක්වන බවයි.

මූලාශ්‍රය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes