පවතින එක්සත් ජනපද-ඉරාන ගැටුම හේතුවෙන් පාකිස්ථානයේ තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 800 දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම යුද්ධය හේතුවෙන් එරට මෑතකදී ලබාගත් ආර්ථික ජයග්‍රහණ සැලකිය යුතු ලෙස ආපස්සට ගොස් ඇති බවට ද ඔහු අනතුරු ඇඟවා ඇති බව සඳහන්.
කැබිනට් රැස්වීමක් අමතමින් ෂරීෆ් පැවසුවේ, තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාකිස්ථාන ආර්ථිකයට අලුතින් පීඩනයක් එල්ල කර ඇති බවයි.
"සතියකට පෙර අපේ බිල්පත ඩොලර් මිලියන 300ක් වූයේ නම්, අද එය ඩොලර් මිලියන 800 දක්වා ළඟා වී තිබෙනවා," යැයි ෂරීෆ් අමාත්‍යවරුන්ට පැවසූ බව TOI පුවත් සේවය වාර්තා කරනවා.
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ පෙට්‍රෝලියම් පරිභෝජනය ද පහත වැටී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
"අල්ලාහ් දෙවියන් අපේ ආර්ථිකය සාර්ව මට්ටමකට ගෙන ආවා, අපේ සංඛ්‍යාලේඛන වර්ධනය වෙමින් පැවතුණා. නමුත් මෙම හදිසි යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළ අප දැරූ උත්සාහයන් නිෂ්ඵල වී තිබෙනවා," යැයි ෂරීෆ් පැවසුවා.
මෙම ආර්ථික පීඩනය මධ්‍යයේ වුවද, එක්සත් ජනපදය හා ඉරානය අතර පවතින නොසන්සුන්තාව සමනය කිරීමට උදව් කිරීමට පාකිස්ථානය කැපවී සිටින බව ෂරීෆ් ප්‍රකාශ කර තිබෙනවා.
අප්‍රේල් 11 වන දින ඉරාන සහ එක්සත් ජනපද නිලධාරීන් අතර පැය 21ක දීර්ඝ සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් නුවර සත්කාරකත්වය ලබා දීම ඇතුළු එරට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් පිළිබඳව ඔහු කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබුණා.

Latest News
ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් පහළට
Local
01 May 2026
පක්ෂ රැසක මැයි දින රැළි ඇරඹේ
Local
01 May 2026
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026