General03 May 2026

රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ තෙදින නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරය අතරතුර ඔහු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමග විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට ද සූදානම්ව සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes