International04 May 2026

ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ 'ෆාර්ස්' (Fars) පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

දේශීය මූලාශ්‍ර උපුටා දක්වමින් ඉරානය පවසන්නේ, ජස්ක් (Jask) දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට ගමන් නවත්වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි.

එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මෙම වාර්තාගත ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීම සඳහා මඟ පෙන්වීමට 'ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්' නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

මෙම මෙහෙයුම සඳහා ඉහළ හමුදා දායකත්වයක් ලබා දෙන බව ඇමරිකානු මධ්‍යම අණසක (US Central Command) ප්‍රකාශ කර තිබෙනවා.

මූලාශ්‍රය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes