International04 May 2026

හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආසන්න හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියාවට අයත් 'HMM Namu' නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැක කෙරෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමට සුළු වේලාවකට පෙර එම මුහුදු සීමාවේදීම ADNOC ආයතනයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකාවකට ද ප්‍රහාරයක් එල්ල වූ බවට එක්සත් අරාබි එමීර් බලධාරීන් වාර්තා කර තිබූ බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට මෙලෙස එල්ල වන ප්‍රහාර හේතුවෙන් කලාපයේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතු වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes