General05 May 2026

තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි

තංගල්ල - කුඩාවැල්ල ප්‍රදේශයේදී අහසට වෙඩි තැබූ පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ බීමතින් සිටි ඔහු මෙලෙස වෙඩි තැබිම සිදුකර ඇති බවයි.

බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු මේ වනවිට තංගල්ල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes