International05 May 2026

තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ, ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, සති දෙකක් තුළ බහුතරය පෙන්වීමට සූදානම් බැවින් තමිල්නාඩු ප්‍රාන්ත පාලනය තම පාර්ශවයට නිල වශයෙන් භාරදෙන ලෙසයි.

ඊයේ නිකුත් කෙරුණු අවසන් ප්‍රතිඵලයට අනුව විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයට ආසන 234න් 108ක බලය හිමිවුණා.

ඒ, වසර 50ක කාලයක් පුරා ද්‍රවිඩ දේශපාලනයේ බලකොටුවක් වූ තමිල්නාඩුව DMK සහ AIADMK පක්ෂ ආධිපත්‍යයෙන් මිදී නව ගමනක් ආරම්භ කරමින්.

හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ප්‍රමුඛ DMK පක්ෂය මැතිවරණයෙන් දෙවැනි තැනට පත්වුණේ ආසන 59ක් හිමිකර ගනිමින්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සහය හිමි AIADMK පක්ෂය ආසන 47ක බලය හිමිකරගත්තා.

කෙසේ වෙතත් රජයක් පිහිටුවීමට නම් TVK පක්ෂය ආසන 118ක් ලබාගත යුතු අතර, ඒ සඳහා ආසන 5ක් හිමිකරගත් කොංග්‍රසය සහ ආසන 04ක් ලබාගත් PMK පක්ෂය සහයදීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.%MCEPASTEBIN%
Related recommendation
Hiru TV News | Programmes