General06 May 2026

රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මරුට

රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ, පාතකඩ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මියගොස් තිබෙනවා.

මිය ගිය මව 49 හැවිරිදි වියේ පසුවන අතර, පුත්‍රයා 28 හැවිරිදි වියේ පසුවන හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු මේ වනවිට රත්නපුරය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ රිය සහයක පැල්මඩුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes