General06 May 2026

ගෙමිදුලේ වැට පිළිසකර කරමින් සිටි අයෙක් ග්‍රයින්ඩරයට ගෙල කැපී මරුට

කටුගස්තොට මාවිල්මඩ ප්‍රදේශයේදී නිවෙසක ආරක්ෂක වැටක් පිළිසකර කරමින් සිටි පුද්ගලයකු, ඔහු විසින් භාවිත කරනු ලැබූ ග්‍රයින්ඩර් යන්ත්‍රයකට ගෙල කැපීමෙන් ඊයේ (05) මරණයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයා තම නිවෙසේ ඉදිරිපස ආරක්ෂක වැටේ ඉදිකිරීම් කටයුත්තක නිරත වෙමින් සිටියදී, ඔහු භාවිතා කළ ග්‍රයින්ඩර් යන්ත්‍රය පාලනය කරගත නොහැකිව ගෙල ප්‍රදේශයට තද වීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ති‍බෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවිල්මඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සිදුවූ අවස්ථාවේදීම දැඩි ලේ වහනය හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes