General06 May 2026

NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි

2024 වසරේ සිට 2026 පළමු කාර්තුව දක්වා කාලය තුළ NDB බැංකුව තුළ සිදුව ඇති රුපියල් බිලියන 13.2ක (මිලියන 13,200ක) දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් වහාම ප්‍රකාශයක් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

පාර්ලිමේතුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියේ.

එසේම වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිදු වූ බව කියන අක්‍රමිකතා අනාවරණය කර ගැනීමට බලධාරීන් අපොහොසත් වූයේ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කළා.

තවද, මෙම වංචාව අනාවරණය වීමට මාස 16කට පෙර අවම වශයෙන් බැංකු දෙකක් සැකසහිත ගනුදෙනු පිළිබඳව වාර්තා කර තිබියදීත්, ඒ පිළිබඳව ක්‍රියා කිරීමට අපොහොසත් වූයේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කරනවා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා,

''2024, 2025 මුල්‍ය වර්ෂය සහ 2026 වසර පළමු කාර්තුව පුරා විහිදී ගිය NDB බැංකුව සිදු වූ බවට පිළිගත් රුපියල් බිලියන 13.2ක්, මිලියන 13,200ක මූල්‍ය වංචාව පිළිබඳ අතිශය වැදගත් ජාතික කරුණක් සම්බන්ධයෙන් මම මුදල් ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමි. මෙම සිදුවීම මගින් නියාමන අධීක්ෂණය, මූල්‍ය පද්ධතිය අඛණ්ඩව සහ 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මේක ස්වාධීනත්වය ලබා ගන්න ඉස්සෙල්ලා මහ බැංකුව රට බංකොලොත් කරා. මේක 23 වැනිදායින් පස්සේ ඒක ලබා ගත්තාට පසුව දැන් බැංකු පද්ධතිය බංකොලොත් කරගෙන යනවා. ඒකයි තියෙන බය.

16 වෙනි ශ්‍රී ලංකා මහ බැංකුව පනත යටතේ පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම් පිළිබඳ බරපතල ගැටළු මතු කරයි. විශේෂයෙන්ම අධීක්ෂණය, මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය හා මුදල් විශුද්ධිකරණය වැලැක්වීම රාමු යටතේ මූල්‍ය බුද්ධි ඒකකය එෆ්අයියූ කාර්යභාරය පිළිබඳව මෙහිදී ප්‍රශ්න කෙරේ. කරුණාකර පහත කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්න.

එක මහ බැංකු අධීක්ෂණයේ අසාර්ථකත්වය, ව්‍යවස්ථාපිතව වගකීම පැවරීම, වසර තුනකට වැඩි කාලයක් පුරා මෙතරම් විශාල වංචාවක් හඳුනා ගැනීමට හෝ ඒ පිළිබඳව ක්‍රියා කිරීමට. අපි රුපියල් ලක්ෂයක් ආවනම් ප්‍රශ්න සීයක් අහන මහ බැංකුව මේ වගේ මිලියන දහතුන්දාස් දෙසීයක් ඒ කියන්නේ අඩුගානේ මේකේ ට්‍රාන්ස්රක්ෂන් තුන්දාහකට වැඩිය ගිහිල්ලා තියෙනවා. ඇයි මේ සම්බන්ධයෙන් මේ ස්වාධීනත්වයට ලබා තියෙන මහ බැංකුවට මේ ප්‍රශ්නය ගැන උත්තරයක් ලබා දෙන්න බැරි වන්නේ? ක්‍රියා කිරීමට හා බැංකුවේ බැංකු අධීක්ෂණය දෙපාර්තමේන්තුව අපොහොසත් වූයේ කෙසේද?

දෙක මූල්‍ය බුද්ධි ඒකකය මෙම වංචා අනාවරණය වීමට මාස දාසයකට පෙර අවම වශයෙන් බැංකු දෙකක් සැකසහිත ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කර ඇති බව තොරතුරු ලැබී ඇත. එම වාර්තා පිළිගැනීමට හෝ එවට අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වූයේ ඇයි? ඇන්ටි මනි ලොන්ඩරින් ඇක්ට් වගකීම යටතේ මහ බැංකුව මෙම අසාර්ථකත්වය සාධාරණීකරණය කරන්නේ කෙසේද? මගේ සහ මම හිතන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අපට මහ බැංකුවක් ආරක්ෂා කිරීම නෙමෙයි. රටේ ජනතාව සහ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ කියන ප්‍රශ්නේ තමයි මා මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ.

තුන, අනිකුත් මූල්‍ය ආයතන සම්බන්ධතාවය මේ සම්බන්ධව ප්‍රකාශ කිරීම මගින් අනෙකුත් බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ. එසේ නම් සමස්ත මූල්‍ය පද්ධතියට සිදුවිය හැකි බලපෑම් ඇස්තමේන්තු කුමක්ද?

හතර ගෙවීම් පද්ධතිය ලංකා පේ ගනුදෙනු දෙදාස් හත්සීයකට අධික ප්‍රමාණයක් සිදුවී ඇති පසුබිමක ලංකා පේ පුද්ගලික සමාගම මේ මහ බැංකුවේ සීයට හතළිහක කොටස්කරුවෝ ජාතික ගෙවීම් යටිතල පහසුකම පද්ධතිය අනතුරු ඇඟවීම නිකුත් කිරීමට අපොහොසත් වූයේ ඇයි? යාවත්කාලීන නිරීක්ෂණ සහ සැකසුම් පද්ධතිය බලාත්මක කර නොතිබුනාද?

පහ ලාභාංශ සහ ආයතනික ආයෝජනයන්ට බලපෑම. මෙම කාල සීමාව තුල රඳවා තබා ගත් මුළු ලාභාංශ අගය කොපමණද? සේවක අර්ථසාධක අරමුදල, සේවක භාර අරමුදල, ඒ කියන්නේ වැඩ ජනතාවගේ සල්ලි. ඊට පස්සේ සමස්ත රටේ ජනතාව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතනයක කොටස් හිමියන්ට මෙයින් සිදුවීම්, බලපෑම් කුමක්ද?

හය, රාජ්‍ය මූල්‍ය පාඩුව, සෘජු හා වක්‍ර බදු පාඩු මෙන්ම අයකරගත් නොහැකි හිඟ මුදල ඇතුළුව රජයේ ඇස්තමේන්තු කරන මුළු මූල්‍ය පාඩුව කොපමණද? බිලියන දහතුන්දාස් දෙසීයක අලාභ කියන්නේ අඩු ගානේ සීයට තිහක් කියන්නේ තුන්දාස් හයසීයක් නැති වෙනවා. එතකොට සීයට දහ අටක වැට් එක නැති වෙනවා. එස් එස් සීය මේ ඔක්කොම නැති වෙනකොට බිලියන හයක විතර අලාභයක් එනවා ආණ්ඩුවට.

හත විදේශ ප්‍රේෂණය හා ක්‍රිප්ටෝ මුදල් යම් අරමුදලක් විදේශ ගත කර හෝ ක්‍රිප්ටෝ කරන්සි හරහා හුවමාරු කර තිබේද? එසේ නම් විනය පාලනය අනුමැතියක් තොරව එවැනි මාරු කිරීම් සිදු කළේ කෙසේද? සහ ඒවා යළි ලබා ගැනීමට ගෙන ඇති පියවර මොනවාද?

අට වෙළෙඳපොළ ප්‍රාග්ධනය කිරීම, මෙම තොරතුරු අනාවරණය වූ විට මේ දින දක්වා කොටස් මිල හා වෙළඳ ප්‍රාග්ධනය පහත වැටීම කොපමණ ද? සමස්ත වෙළඳපොළ වටිනාකම පාඩුව කොපමණද?

ඉතින් මේක බැංකුවේ වංචා වීගෙන යන අවස්ථාවේදී මේක හෙළිදරව් කරනවා රටට, මහ බැංකුව තුළ මේකේ කිසි ප්‍රශනයක් නැහැයි කියලා. දවස් දහයකට පස්සේ කියනවා මෙන්න ලොකු වංචාවක් වෙලා තියෙනවා කියලා. ඒකත් දැනුවත් කරන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එක මහ බැංකුව නොවෙයි.

නමය ස්වාධීන විගණනය, මහ බැංකුව විසින් අධිකරණය වගණාකරයෙකු වශයෙන් පත් කිරීම තුළින් උනන්දුතාවය අතර ගැටුමක් නිර්මාණය නොවේද? මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ බලතල යටතේ රජය විසින් ස්වාධීන විගණන නිලධාරියෙක් පත් කරනු ලබන්නේද?''
Related recommendation
Hiru TV News | Programmes