මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් ඉකුත් 2015 වර්ෂයේදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (06) තහවුරු කළා.
අදාල දඩුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවක් ලබා දුන්නා.
කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමට ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දණ්ඩනය නියම ව සිටි විත්තිකරුවන් තුන් දෙනෙක් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2015 වසරේ මැයි මස 13 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් ගොස් ආපසු එමින් සිටිය 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා.
එම නඩුවෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළා.
එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණා.
මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මිය ගොස් තිබුණා.
Latest News
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සාහාය
Local
06 May 2026
විද්‍යා ඝාතන නඩුවේ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
Local
06 May 2026
ඉරාන විදේශ ඇමති චීනයට
Local
06 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනක් කොල්ල කාලා
Local
06 May 2026
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා: කෝටි 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ‘Free Lawyers’ හෙළිකරයි
Local
06 May 2026
ගෙමිදුලේ වැට පිළිසකර කරමින් සිටි අයෙක් ග්‍රයින්ඩරයට ගෙල කැපී මරුට
Local
06 May 2026
ටී-56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
06 May 2026