General06 May 2026

ටී-56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කටුනායක - හීනටියන ප්‍රදේශයේදී ටී- 56 වර්ගයේ පතරොම් 54ක් හා මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමක් අතරතුරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන මිනුවන්ගොඩ හීනටියන, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබී සොයාගත් පතොරම් සහ මැගසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන හීනටියන සංකගේ පාර්ශවයකට අයත් බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes