රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා, එහි තිබූ රන් පවුම් විස්සක් සහ රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසනවා.
පසුගිය 01 වැනිදා රාත්‍රියේ බැංකුවේ දොරවල් කඩා ඇතුළු වී ඇති සොරුන්, ස්වයංක්‍රීය කැපුම් යන්ත්‍ර (Grinders) යොදාගෙන එහි සවිකර තිබූ සේප්පුව කපා මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
මහජනතාව උකසට තැබූ රන් භාණ්ඩ සහ බැංකුවේ තැන්පත් කර තිබූ මුදල් මෙලෙස සොරාගෙන ඇතැයි වාර්තා වෙනවා.
මෙම බැංකු ශාඛාව සඳහා ආරක්ෂක මුරකරුවෙකු යොදවා නොතිබීම සහ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය සොරකම සිදුවූ දින කිහිපයේ අක්‍රියව තිබීම පිළිබඳව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මූල්‍ය ආයතනවල ආරක්ෂාව තර කරන ලෙස ප්‍රාදේශීය ආරක්ෂක කමිටු රැස්වීම්වලදී බැංකු බලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබියදීත්, මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් පැවතීම පිළිබඳව කණගාටු වන බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Latest News
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සාහාය
Local
06 May 2026
විද්‍යා ඝාතන නඩුවේ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
Local
06 May 2026
ඉරාන විදේශ ඇමති චීනයට
Local
06 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනක් කොල්ල කාලා
Local
06 May 2026
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා: කෝටි 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ‘Free Lawyers’ හෙළිකරයි
Local
06 May 2026
ගෙමිදුලේ වැට පිළිසකර කරමින් සිටි අයෙක් ග්‍රයින්ඩරයට ගෙල කැපී මරුට
Local
06 May 2026
ටී-56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
06 May 2026