General06 May 2026

අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි

අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් සිදුකරනු ලබන බලපෑම් සහ අතපෙවීම් දැඩි ලෙස හෙළා දකිමින්, ඒ පිළිබඳ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටින විශේෂ යෝජනාවක් අද (06) කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

විපක්ෂනායකවරයාගේ උපදෙස් මත සකස් කරන ලද මෙම යෝජනාව, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු කණ්ඩායමක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

මෙම යෝජනාවට මූලික වී ඇත්තේ 2026 මැයි මස 1 වන දින පැවැති මැයි දින රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කරන ලද ප්‍රකාශයක්.

එහිදී ජනාධිපතිවරයා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක තීන්දුව ලබා දෙන දිනය සහ එහි ප්‍රතිඵලය සැමරීමට සූදානම් වන ලෙස කළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.

මෙම යෝජනාව මගින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම ඉටු කරන ලෙසයි විපක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes