International09 May 2026

ආසන 118 සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ විජේගේ දිවුරුම් දීම තවත් කල් යයි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් ඉන්දීය සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ බහුතර සම්පූර්ණ කර ගත් බව ප්‍රකාශ කළද නවතම වාර්තාවල දැක්වුණේ ඔහුට මේ වනවිට සපුරා ගැනීමට හැකි වී ඇත්තේ ආසන 116ක් බවයි.

ඒ අනුව අද (09) ඔහු තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙන බව ප්‍රකාශ කළත් තවදුරටත් එය කල් යන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතරය සඳහා ආසන 118ක් ලබාගත යුතුයි.

ඒ අනුව එම සීමාව සපුරා ගත් බව තලපති විජේ නායකත්වය දරණ TVK පක්ෂය ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවී දැනුම් දී තිබූ නමුත්, පසුව ෂඹඵඛ පක්ෂයේ සාමාජිකයින් දෙදෙනා දැනුම් දී ඇත්තේ තමන් විජේට සහය දක්වන බව ප්‍රකාශ නොකළ බවයි.

ඒ අනුව, ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ තවමත් තලපති විජේට 116 දෙනෙකුගේ පමණ සහය පවතින බැවින් අදාළ ආසන සංඛ්‍යාව සම්පූර්ණ කර ඊට අදාළ ලිපිය ඉදිරිපත් කරන ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes