General22 May 2026

ඩුබායි සිට පැමිණි අපරාධකරුවන් 21ක් CIDය භාරයට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 21 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙරටට පැමිණි වහාම ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් දිගු කලක් තිස්සේ විදේශගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes