International25 May 2026

ඉරාන සාකච්ඡාවලට සමගාමීව 'ඒබ්‍රහම් ගිවිසුමට' එක්විය යුතුයි - ට්‍රම්ප්

ඉරානය සමග දැනට පවතින සාකච්ඡාවලට සාපේක්ෂව මැදපෙරදිග කලාපය තුළ වඩාත් පුළුල් හා ස්ථාවර එකඟතාවක් ඇති කරගැනීම සඳහා සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, පකිස්ථානය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල් ද වහාම 'ඒබ්‍රහම් ගිවිසුම' සඳහා දායක විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

විදේශීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මේ බව අනාවරණය කර ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මෙම පුළුල් කලාපීය එකඟතාව අවසන් අදියර කරා රැගෙන යාමට නම් නව සාමාජිකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ බහරේනය දැනටමත් ඒබ්‍රහම් ගිවිසුමේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර, කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නව රටවල් හය ද ඊට සම්බන්ධ කරගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධානතම උපායමාර්ගික ඉලක්කයක්.

ඉරානය සමග ඇති කරගැනීමට නියමිත නව ගිවිසුම, කලාපයේ අනෙකුත් ප්‍රබල මුස්ලිම් සහ අරාබි රාජ්‍යයන් ද එකම රාමුවකට ගෙන එන පුළුල් දේශපාලන ස්ථාවරත්වයක කොටසක් විය යුතු බව එම පරිපාලනයේ අදහසයි.
Related recommendation
Hiru TV News | Programmes