බ්‍රසීල දේශීය ලීගයේ සන්ටෝස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයට ලක් වූ බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට ඉදිරි ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග මෙන්ම බ්‍රසීල කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ද අහිමි වන බව බ්‍රසීල පාපන්දු සම්මේලනය (CBF) නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
සිදු කරන ලද MRI ස්කෑන් පරීක්ෂණ මඟින් ඔහුගේ දකුණු කෙණ්ඩා ප්‍රදේශයේ දෙවන පෙළේ ආබාධයක් (grade-two calf injury) පවතින බවයි හඳුනාගෙන ඇත්තේ.
මේ හේතුවෙන් 34 හැවිරිදි මෙම ඉදිරිපෙළ ක්‍රීඩකයාට තවත් සති දෙකත් තුනත් අතර කාලයක් තරග බිමෙන් ඉවත්ව විවේක ගැනීමට සිදුවන බවයි බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඩ්‍රිගෝ ලස්මාර් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් ඔහුව ලෝක කුසලාන සංචිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේද යන්න පිළිබඳව වෛද්‍යවරයා මෙතෙක් ස්ථිර ප්‍රකාශයක් කර නැහැ.
මෙම රෝග විනිශ්චය සන්ටෝස් ක්‍රීඩා සමාජයේ වෛද්‍යවරුන් මුලින් ප්‍රකාශ කළ තත්ත්වයට වඩා වෙනස් වූ එකක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඔවුන් පවසා තිබුණේ එය හුදෙක් සාමාන්‍ය ඉදිමීමක් පමණක් වන බවයි.
ඒ අනුව, නේමාර් හට ලබන ඉරිදා පැනමාවට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගය සහ ඉන් අනතුරුව පැවැත්වෙන ඊජිප්තු තරගය මඟ හැරෙනු ඇති.
එමෙන්ම ජුනි 13 වැනිදා නිව් ජර්සි හිදී මොරොක්කෝවට එරෙහිව පැවැත්වෙන බ්‍රසීලයේ ලෝක කුසලාන සමාරම්භක තරඟයටද ඔහු ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින් අවම බව සඳහන්.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීලය 'C' කාණ්ඩය යටතේ හයිටි සහ ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතයි.
දැඩි අවිනිශ්චිතතාවකින් අනතුරුව කණ්ඩායම සමග එක් වූ නේමාර් සම්බන්ධයෙන්, ප්‍රධාන පුහුණුකරු කාර්ලෝ අන්සලොට්ටි මීට පෙර පවසා තිබුණේ නේමාර්ගේ ජනප්‍රියත්වය මත නොව ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සහ දක්ෂතාවය මත පමණක් සංචිතයේ ඉඩ වෙන්වන බවයි.
කෙසේ නමුත් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බ්‍රසීල කණ්ඩායමට සිය සුපිරි තරුව නොමැතිව ඉදිරි සැලසුම් සකස් කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Latest News
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026
කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති
Local
13 July 2026
නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකුට දඩ
Local
13 July 2026
මෙරට වයස්ගතම කාන්තාව වූ කළුමැණිකා මෑණියන් වයස 114 දී දිවි සසරට සමුදෙයි
Local
13 July 2026
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026