General06 June 2026

මීගොඩ දන්සල් අනතුරේ සැඟව සිටි සැකකරුත් අත්අඩංගුවට

06 දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ දන්සලකට කඩා වැදුනු කැබ් රථයේ ගමන් ගත් එම කැබ් රථයේ සිටි තවත් පුද්ගලයෙකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පලා ගොස් සැඟව සිටියදීයි.

පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචි දොන් සරත් හෙට්ටිගේ නැමැති මෙම සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනු ලැබුවා.

එමෙන්ම, එම කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක් අද පෙරවරුවේ මීගොඩ පොලිසිය වෙත භාර වී තිබුණා.

වෙසක් පොහොය නිමිත්තෙන් මීගොඩ මංසන්ධිය ආසන්නයේ සංවිධාන කර තිබූ දන්සැලකට බීමත් රියැදුරෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදී පුද්ගලයින් හය දෙනෙකුට දිවි අහිමි වුයේ පසුගිය 31 වැනිදායි.

එම මාරක අනතුර සිදුකළ කැබ් රථය පැදවු රියැදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර කැබ් රථයේ සිටි එහි හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් තිබුණා.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණා.

එමෙන්ම ඊයේ දිනයේදී පොලිසිය එම සැකකරුවන්ගේ ඡායාරූපද මාධ්‍යට නිකුත් කළ අතර ඔවුන් නීතියේ රැහැණට හසුකර ගැනීම සඳහා මහජන සහය ඉල්ලා සිටියා.

එවන් පසුබිමක අනතුරට ලක් වූ කැබ් රථයේ හිමිකරු සහ තවත් සැකකරුවෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් අද පෙරවරුවේ මීගොඩ පොලිසියට භාරවී තිබෙනවා.

මෙලෙස පොලීසියට භාර වී ඇත්තේ අත්තනායක දොන් වසන්ත නමැති කුඩමාදූව, සිද්ධමුල්ල, පිළියන්දල ප්‍රදේශයේ පිදිංචි කැබ් රථ හිමිකරු සහ එම අවස්ථාවේ කැබ් රථයේ ගමන් ගත් පැලැන්වත්ත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නමැති පුද්ගලයායි.

Related recommendation
Hiru TV News | Programmes