ඉන්දියාවේ උපායමාර්ගික ස්වාධීනත්වය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය දැඩි සහයෝගය පළ කර තිබෙනවා.
එහිදී ඔහු අවධාරණය කළේ, නව දිල්ලියට එරෙහිව බටහිර රටවල් පනවන ඕනෑම සම්බාධක තර්ජනයක් එසැණින් පාරාවළල්ලක් වනු ඇති බවයි.
එමෙන්ම මෙම දකුණු ආසියාතික රාජ්‍යය සැමවිටම කටයුතු කරන්නේ තම ජාතික අවශ්‍යතාවලට මුල් තැන දෙමින් බවද ඔහු සහතික කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වාර්ෂිකව පැවැත්වෙන සාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා, නව දිල්ලියේ ගෝලීය සබඳතාවල පවතින ශක්තිමත් ගමන් මග ඉහළින්ම අගය කරනු ලැබුවා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, තමන්ට වඩාත්ම ගැළපෙන, වඩාත්ම නවීන සහ හොඳම මිලකට ඉහළම ප්‍රමිතියෙන් යුතු ගෝලීය නිෂ්පාදන තෝරාගැනීමේ පූර්ණ නිදහස ඉන්දියාව සතු බවයි.
"ඉන්දියාව සැමවිටම ස්වෛරී රටක් ලෙස කටයුතු කරනවා. අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වය යටතේ, ඉන්දියාවට එල්ල වන ඕනෑම සම්බාධක තර්ජනයක් ක්ෂණිකව එය එල්ල කරන අයටම පාරාවළල්ලක් වේවි. අප දිගු කලක සිට අග්‍රාමාත්‍ය මෝදි සමඟ සමීප සාකච්ඡාවල නිරත වෙනවා. මා වටහාගෙන ඇති පරිදි, සියලු බාධක ඉවත්වී ඇමරිකාව සහ ඉන්දියාව අතර සබඳතාව ද සාර්ථකව වර්ධනය වෙමින් පවතිනවා. තමන්ට වඩාත්ම නවීන, වඩාත්ම ගැළපෙන සහ හොඳම මිලකට ඉහළම ප්‍රමිතියක් ඇති නිෂ්පාදන තෝරාගැනීමට ඉන්දියාවට නිදහස තිබෙනවා. ඉන්දියාව සැමවිටම මෙහෙයවනු ලබන්නේ ඔවුන්ගේ ජාතික අවශ්‍යතා මතයි," යනුවෙන් පුටින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
එමෙන්ම, මොස්කව් සහ නව දිල්ලිය අතර පවතින පුළුල් ද්විපාර්ශ්වික සහයෝගීතාව දේශපාලන වටපිටාව මත තීරණය වන්නක් නොවන බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා, ක්‍රෙම්ලිනය සිය භූ-දේශපාලනික කැපවීම් හමුවේ කිසිවිටෙකත් නොසැලෙන බව යළිත් කියා සිටි බවත් සඳහන්.

Latest News
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි : ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට
Local
08 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තීරණාත්මක සටනකින් පසු ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට
Local
08 June 2026
ඉන්දියාවේ උපායමාර්ගික ස්වාධීනත්වයට පුටින්ගෙන් දැඩි සහයෝගයක්
Local
07 June 2026
"FIFA ලෝක කුසලානයේ මගේ සහාය අමෙරිකාවට" : පාප්වහන්සේ
Local
07 June 2026
"දේශපාලන බලය තාවකාලිකයි; මහජන විශ්වාසය එසේ නොවේ" - ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්රිගෙන් සටහනක්
Local
07 June 2026
ඓතිහාසික මොනාකෝ FIA ෆෝමියුලා 3 තරග බිමේදී යෙවාන් ඩේවිඩ්ගෙන් අතිවිශිෂ්ට ධාවනයක්
Local
07 June 2026
Monaco Grand Prix මෝටර් රථ තරගාවලියේ ජයග්‍රහණය ඇන්ටොනෙලී සතු වෙයි
Local
07 June 2026
කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
Local
07 June 2026
උපවාසයක සිටි සලේ ජාතික රෝහලට
Local
07 June 2026
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026