රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තවමත් ආහාර හෝ ජලය ලබා නොගන්නා බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ ප්‍රකාශ කළා.
ඇය මේ බව සඳහන් කළේ සුරේෂ් සලේගේ සුවදුක් බැලීම සඳහා ඊයේ (08) කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ තමන්ට පමුණුවන වධ හිංසාවලට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණේ පසුගිය 5 වැනිදා රාත්‍රියේ සිටයි.
ඉන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන පෙරේදා රාත්‍රීයේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා.
මේ වනවිට 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේට ඔහුගේ නීතිඥයින් හමුවීමට ඊයේ අවසර හිමිවුණේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව, නීතිඥයින් සමඟ ඇය සුරේෂ් සලේ හමුවීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා.
මේ අතර සුරේෂ් සලේට සිදුවූ බව පැවසෙන, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ජාතික රෝහල වෙත පැමිණ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Latest News
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
Local
09 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
Local
09 June 2026
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයත් වර්ෂාව නිසා අත්හැර දමයි : පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක්
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
Local
09 June 2026
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
Local
09 June 2026