General10 June 2026

දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි

දුම්රිය නියාමක සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත දුම්රිය වර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ, එම සංගමයේ නියෝජිතයින් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන බවට එකඟතාවයකට පැමිණීම හේතුවෙන්.

ඒ අනුව, අද දිනයේ මගී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, මගී ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි බවයි දුම්රිය නියාමක සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, එම සංගමය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතුවලින් පමණක් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන්.

දුම්රිය ආරක්ෂක නීති උල්ලංඝනය කරමින් දුම්රිය දොඹකර රථ මාර්ගයේ ධාවනය කිරීමට එරෙහිවයි ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට අද මධ්‍යම රාත්‍රි 12.00 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට මොවුන් සැලසුම් කර තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes