General11 June 2026

මහ බැංකුවේ මුල්‍ය නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිට මුදල් වංචා කරලා: විමර්ශනයට නියෝග


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් නමින් ව්‍යාජ පෙනී සිටිමින් රුපියල් 5,479,390 ක මුදලක් ගිණුම් ගත කරවාගෙන වංචා කිරීමේ සිද්ධියකට අදාලව විමර්ශනයක් ආරම්භ කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළා.

සිද්ධියට අදාලව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වංචාව විමර්ශනට කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි එම්. වාමදේමන් නමැති පුද්ගලයෙක් විසින් වංචාව විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය අධිකරණයට දැන්වූයේ.

සිද්ධියට අදාලව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes