General11 June 2026

"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්‍රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි

විපක්ෂයෙන් ඉගෙන ගැනීමට මාලිමාවට දෙයක් තිබේනම් රාත්‍රී පන්තියක් පවත්වන ලෙසත් ඊට මාලිමා මන්ත්‍රීවරු පැමිණෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ ආරච්චි පවසනවා.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, පවසා සිටියේ මෙවැනි අදහසක්.

"අපිට දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් රෑ පන්තියක් හරි දාන්න. අපි එනවා ඉගෙනගන්න. අපි හර්ෂද සිල්වාගෙන් ඉගෙන ගන්න කැමතියි. කබීර් හෂීම්ලාගෙන් ඉගෙන ගන්න අපි කැමතියි. දාන්න රෑ පන්තියක්. අපි එනවා"

කෙසේ නමුත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයෙන් ආණ්ඩුවට ඉගෙන ගැනීමට කිසිම දෙයක් නොමැති බවයි.
Related recommendation
Hiru TV News | Programmes