General11 June 2026

ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට

මියගිය පුද්ගලයෙකුගේ හදිසි මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අයෙක්.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අල්ලස් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

පැමිණිලිකරුගේ ඥාතියෙකු හෝ හිතවතෙකු 2025 දෙසැම්බර් මස 28 වන දින රාගම රෝහලේදී මියගොස් ඇති අතර, එම මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණ වාර්තාව පැමිණිලිකරු වෙත ලබාදීම වෙනුවෙන් සැකකාර මරණ පරීක්ෂකවරයා විසින් රුපියල් 100,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව, ඉකුත් පෙරේදා (08) දිනයේදී අදාල අල්ලස් මුදල ලබාගෙන හදිසි මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී, අල්ලස් ලෙස අයැද භාර ගන්නා ලද රජයේ මුදල ද රැගෙන පලා යාමේ චෝදනාව මොහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු සැකකාර හදිසි මරණ පරීක්ෂකවරයාව අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් ඔහුව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes